අපේ කාන්තාවන් බල ගැන්වීමට ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් සිංහල සහ දමිළ බසට හැරෙයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 යෝජනාවේ 26 වැනි සංවත්සරයට සමගාමීව කාන්තාව සාමය සහ ආරක්ෂාව පිලිබද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවන්හි නිල නොවන සිංහල සහ දමිළ පරිවර්තන එළි දැක්වීමේ අවස්ථාව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍ර පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්.30) බත්තරමුල්ල “වෝටර්ස් එඩ්ජ්” හෝටලයේදී සිදුකෙරිණි.

සාමයට පියමං (Path way to peace) සංවිධානය විසින් ශ්‍රී ලංකා කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රමුඛ කැනේඩියානු රජයේ අනුග්‍රහයෙන් සිදුකළ මෙම පරිවර්තනවල මුද්‍රිත පිටපත් පිලිගැන්වීමද මෙහිදී සිදුවිය.

කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිලිබද න්‍යාය පත්‍රය (Women peace and security agenda) යනු සන්නද්ධ ගැටුම් සහ යුදමය තත්ත්වය තුල කාන්තාව සහ ගැහැණු ළමුන් මුහුණදෙන විශේෂිත අභියෝග හදුනාගනිමින් සාමය ගොඩ නැගීම ගැටුම් වැලැක්වීම සහ ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රියාවලි සදහා කාන්තාවන්ගේ සමාන සහ සක්‍රිය සහාගිත්වය සහතික කිරීම අරමුණුකරගත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති රාමුවකි. 

මෙම අවස්ථාව සදහා   කැනේඩියානු මහ කොමසාරිස් Isabelle Martin සහ මහ කොමසාරිස් කාර්‍යාලයේ  නියෝජිතයන් සාමයට පියමං, සංවිධානයේ නියෝජිතයන් සහ ළමා සහ කාන්තාකටයුතු අමාත්‍යංශයේ නිලධාරින් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *