වසර 90 කින් පරිනතවූ දෙහිවල සත්වෝද්‍යානයට සෝරා සහ කයිරෝගේ දගකාරකම් එක්වෙයි.

දෙහිවල සත්වෝද්‍යානය, ලෝකය පුරා විවිධ පරිසරය පද්ධති තුල ජීවත් වන නොයෙක් වර්ගයේ වන ජීවින් එක් තැන් කෙරුණු හරි අපූරු සත්ත්ව උයනක්. අපි කුඩා කාලයේ දැක ගන්න සිහින මැවුව, ඒ වගේම අපේ ජීවිතයට ඉතා සොදුරු අත්දැකීම්  එක්කල ආදරණීය ස්ථානයක්. ඒත් කාලයත් එක්ක සත්වෝද්‍යානය පිලිබද අවධානය අපෙන් ගිලිහී යනවා. ඒ ගැන යම් උනන්දුවක් ඇතිවන්නේ කිසියම් විශේෂ සිදුවීමකදි විතරයි.

ඒත් පසුගියදා සත්වෝද්‍යානයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු කෙරෙන විශේෂ සිදුවීම් දෙකක් වාර්තාවුනා. ඉන් එක් සිද්ධියක් සත්වෝද්‍යානයට වසර 90 ක් සම්පූර්ණ වීම. 1936 වර්ෂයේ ජූලි 03 ආරම්භ කෙරුණු එහි දීර්ඝ ගමන් මග පිලිබදව  සුවිශේෂී සටහන් බොහොමයක් තිබෙනවා.

අනිත් කරුණ වුනේ මෙම ස්ථානයේ උපත ලද සිංහ පැටවු දෙදෙනාගේ නම් නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම. 2025 දෙසැම්බර් 24 උපත ලද සිංහ පැටවුන් සදහා නම් තැබීම සිදුකෙරුනේ පාසල් ළමුන් අතරින් පැවැත්වූ තරගයකින්. ළමයින් විසින් යෝජනා කෙරුණු නම් අතරින් පිරිමි පැටවා සදහා කයිරෝ (Cairo) ලෙස නම් තැබුවේ දෙහිවල ඈන් ට්‍රේෂා.  ගැහැණු පැටවා සදහා සෝරා (Zora) ලෙස මිනුවන්ගොඩ යෙරූෂා මානවඩු විසින් යෝජනා කර තිබිණනා. මේ අවස්ථාවේ ඔවුන්ට තෑගි ප්‍රධානය සිදුකෙරුනේ ශ්‍රී ලංකාව සදහා නවසීලන්ත නියෝජ්‍ය තානාපති ග්‍රේබියල් අයිසැක් මහත්මිය (gabrielle isaak) විසින්.

සත්වෝද්‍යානයේ 90 වැනි සංවත්සරය චාම් අයුරින් සිදුකෙරුණා. මේ අවස්ථාව සදහා ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය තනාපතිනිය ග්‍රේබ්‍රියල් අය්සැක් මහත්මිය, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් පශු වෛද්‍ය ආර්. සී. රාජපක්ෂ මහතා, පරිසර අමාත්‍යංශයේ අතිරේඛ ලේකම් (ප්‍රතිපත්ති නීති ප්‍රතිසංස්කරණ සහ පාර්ලිම්න්තු කටයුතු) එච්.එම්.බී.පී.හේරත් මහතා ඇතුලු සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් සහභාගි වුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *