ක්‍රීඩා ලොව උන්මාදය ඇරඹෙයි.

ලොවපුරා ක්‍රීඩා ලෝලීන්ගේ ඉහළම ආකර්ෂණය දිනාගත්  පාපන්දු ක්‍රීඩාවේ,උච්චතම අවස්ථාව වූ  FIFA ලෝක කුසලානය (FIFA world cup) සමාරම්භය සනිටුහන්කරමින් එහි පළමු තරගය අද (ජුනි 11) මෙක්සිකෝවේදී පැවැත්වීමට සියල්ල සූදානම්ව ඇත.

තුන්කොන් සත්කාරකත්වය

ශතකයකට ආසන්න ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩා ඉතිහාසයට නව ප්‍රවනතාවයක් එක්කරමින් මෙවර එහි සත්කාරකත්වය (joint hosts) රටල් 03ක් (ඇමරිකාව, මෙක්සිකෝව, කැනඩාව) විසින් දැරීම මෙම FIFA ලෝක කුසලාන තරගාවලියේ සුවිශේෂත්වයක් වනු ඇත.

නවකයන්ගේ පිවිසීම

එසේම එතෙක් මෙතෙක් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ  ප්‍රේක්ෂක හද ගැස්ම වඩාත් ත්‍රීවර කරන තරගයක් ලෙස මෙවර තරගය හැදින්වෙන අතර  කණ්ඩායම් 48 ක් තරග බිමට එක්වීම ඊට හේතුව වී ඇත.

කණ්ඩායම් ප්‍රමාණාත්මකව ඉහළයාමට නවක රටවල් 04ක් පාපන්දු ක්‍රීඩා පිටියේ මංපෙත් විවර කරගෙන තිබීමද හේතු වන අතර

ඒ ලොව කුඩාම දිවයින ලෙස සැලකෙන කියුරකාඕ (curacao), කේප්වර්ඩ් (capeverde), ජෝර්දානය(jordan) සහ ඉතාලියේ හිටපු නායක ‍ෆැබියෝ කැන්නවාරෝ ගේ  පුහුණුකාරත්වයෙන් යුත් උස්බෙකිස්ථානය(uzbekistn) යි.

යුධ උණුසුම ක්‍රීඩාපිටියට ත්

මේ අතර ඇමරිකාව සහ ඉරානය අතර යුධමය වාතාවණය හමුවේ ඉරාන කණ්ඩායම තම පුහුණු කඳවුරු මෙක්සිකොවේ පිහිටවීමද මෙවර FIFA කුසලාන තරගාවලියේ තවත් සුවිශේෂත්වයක් එක්කරන සිදුවීමක් ලෙස සටහන් එක් කෙරෙයි. කෙසේ වුවද ඉරානයේ සියලු කාණ්ඩ වටයේ තරග පැවැත්විය යුත්තේ ඇමරිකාවේදී වීමද මෙහි තවත් අන්තයක් වෙයි.

ක්‍රීඩා පිටියේ අතීත සෙවනැලි

ලෝක පාපන්දු ක්‍රීඩා පිටිය තුල ප්‍රේක්ෂක අවධානය වැඩි වශයෙන් යොමුකෙරෙන තවත් සුවිශේෂ තරගන් ලෙස ජුනි 16 දින  ප්‍රංශය සහ සෙනගන් අතර තරගයත් ජුනි 23 ගානාව සහ එංගලන්තය අතර තරගත් හැදින්වෙන අතර ඒ ප්‍රංශය සහ එන්ගලන්තය තරග වදින්නේ සිය යටත් විජිත සමග වීමය.  

ක්‍රීඩාපිටියේ කදුලු

ජගත් පාපන්දු ලෝකයේ රන් සලකුණු ලෙස විරුදාවලිය ලැබූ ආජන්ටිනාවේ ලියොනොල් මෙසී මෙන්ම පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙවර තරගයෙන් අනතුරුව ලෝක කුසලාන පාපන්දු පිටියෙන් සමුගැනීම තීරණය කර තිබීමද ක්‍රීඩාලෝලීන්ට ඉතා සංවේදී කරුණක්වෙයි .එසේම  එය පාපන්දු ක්‍රීඩා පිටියට විශාල හිස්තැනක් ඇතිකිරීමක් ලෙස ක්‍රීඩා විචාරකයින් පවසති.

 ලෝක කුසලාන තරග පෙළගැස්ම

මෙහිදී තරගබිමට එක්වන කණ්ඩායම් 48, කාණ්ඩ 12කට (group of 4) බෙදා ඇති අතර එහි එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන දෙක ලබාගන්නා කණ්ඩායම් ඝෘජුවම “32 වටය”(round of 32) සදහා සදුසුකම් ලබනු ඇත.

එසේම ඉතිරි ස්ථාන දෙක සදහා කාණ්ඩ මට්ටමේ තෙවැනි ස්ථානය දිනාගත් හොදම දක්ෂතා දැක්වූ කණ්ඩායම් 08ක් තේරී පත්වනු ඇත.

කාණ්ඩ වටයේදී තරගයක් ජයග්‍රහණය කරන කණ්ඩායමට ප්‍රසාද ලකුණු තුනක් කණ්ඩායම් සමාන ලකුණු ලබාගැනීමේදී (draw) කණ්ඩායම් දෙකටම ළකුණු බැගින් හිම්වනු ඇත.එහෙත් පරාජය වන කණ්ඩායමට ලකුණු හිමි නොවේ

කාණ්ඩ වටයේදී දඩුවම් පහර (penalty shootouts) ක්‍රියාත්මක නොවන අතර, 32 වටයෙන් පසු තරගයක් සමාන ලකුණු හිමිකර ගැනීමේදී  පමණක් දඩුවම් පහර මගින්  ජයග්‍රහයකයා තීරණය කරනු ඇත.

තරගයක් විනාඩි 90 ක් පුරා අර්ධ දෙකකින් (විනාඩි 45 බැගින්) පැවැත්වෙන අතර තරගය අතර මැද විනාඩි 15ක විවේකයක් හිමිවේ’ මේවනවිට පවතින ගිම්හාන කාලය (summer heat) සැලකිල්ලට ගනිමින් ක්‍රීඩකයන් සදහා ජල විවේකයක්ද(mandatory water breaks). හදුනාවා දී ඇත.

සමාප්තිය

සිව් වසරකට වරක් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩා උත්සවය ලොව  වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසකගේ අවධානය එකවර සොරා ගන්නා ක්‍රීඩාව ලෙස වාර්තා තැබෙන අතර  මෙවර අවසන් මහා ගැටුම  එළඹෙන ජූලි 19 දින ඇමරිකාවේ නිව් ජර්සි හි පැවැත්වීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *