රමේෂ් හෙල්ලයෙන් රටම හොල්ලයි

ඉතාලියේ රෝම නගරයේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක රමේෂ් තරංග මීටර් 92.62 දුර හෙල්ලය විසිකරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත්වී ඇති අතර එය 2026 වසරේ ලොව හොදම හෙල්ලය විසිකිරීම ලෙසද වාර්තා අතරට එක්වෙයි.

මේ අනුව 2006 වසරේදී නෝර්වීජියානු ක්‍රීඩක ඇන්ඩ්‍රියාස් තෝකිල්ඩ්සන් මීටර් 90.34 හෙල්ලය විසිකරමින් තැබූ වාර්තාව වසර 20 කට පසුව රමේෂ් විසින් බිදහෙලනු ලැබිණි.

එසේම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 90 වැඩි දුරක් හෙල්ලය විසිකර පළමු සහ එකම අවස්ථාව මෙය වන අතර ආසියාතිකයන් අතර හෙල්ලය විසිකිරීමේ ඉසව්වෙන් රමේෂ් දෙවැනි තැනට පත්වන්නේ පාකිස්ථාන ක්‍රීඩක අශාම් නදීෂ් ඉදිරියේ පමණි.

අර්ෂාඩ් නදීම් අවසන්වරට පැවැති ඔලිම්පික් තරගයේදී මීටර් 92.97 ක් දුර හෙල්ලය විසිකිරීමට සමත්වූ අතර ඔහු සහ රමේෂ් අතර ඇත්තේ සෙ.මී 35 ක සුළු පරතරයක් පමණි.

එසේම රමේෂ් විසින් ඔහුගේ දක්ෂතාවය ලෝක හෙල්ලය විසිකිරීමේ වාර්තා අතර 8 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

ඒ අතර රුමේෂ් විසින් රුමේෂ්ගේ ශ්‍රී ලංකා වාර්තා බිද හෙලා ඇති අතර මෙය ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ  අනාගත  බලාපොරොත්තුවේ පහන් එළි දැල්වීමක් ලෙස ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සදහන් කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *