UEFA චැපම්පියන් ලීග් අවසන් ගැටුමෙන් ආසනල්(Arsenal) කණ්ඩායම පරදාවා පැරිස් සෙන්ට් ජර්මේන්(PSG) විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමෙන් පසුව එරට ක්‍රීඩාලෝලීන් අගනුවර වීදිවලට පැමිණ කලහකාරීලෙස හැසිරෙමින් ජය සැමරීමට යාම හේතුවෙන් පැරිස් නුවර දැඩි නොසන්සුන්තාවයට පත්ව ඇති අතර එය පාලනය කිරීමට පොලීසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත.
ජයග්‍රහනයෙන් උද්දාමයට පත් ප්‍රංශ ක්‍රීඩා ලෝලීන් පැරිස්නුවර වීදි ආක්‍රමණය කරමින් පොදු ප්‍රවාහණ සේවාවලට බාධා වන ලෙස කටයුතු කර ඇති අතර ගිනිකෙළි දල්වමින් මහජනතාව බියට සහ පීඩාවට පත්වන ලෙස කටයුතු කර ඇත.
තත්ත්වය සංසිදවීම සදහා පොලිස් නිලධාරීන් දහස් ගනනක් මැදිහත්වීම සිදුව ඇති අතර පිරිස් පලවා හැරීමට පොලීසිය ජල සහ කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත. එහිදී පොලීසිය සමග ගැටුනු 400 අධික පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති අතර පොලීස් නිලධාරි කිහිප දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇත.
හංගේරියාවේ Puskas Arena පෙරේදා (මැයි 30) පැවැති මෙම තීරණාත්මක තරගයේදී අදාල කාලය අවසන්වන විට කණ්ඩායම් දෙකම ගෝල 1- 1ක් ලෙස සම තත්ත්වයේ පසුවූ අතර ජයග්‍රහනය තේරීම සදහා ලබාදුන් දඩුවම් පහර අවස්ථාවේදී 4-3 ලෙස තියුනු ජයක් හිමිකර ගැනීමට PSG කණ්ඩායමට අවස්ථාව හිමිවිය.
මෙම ජයග්‍රහණය සමග පසුගිය වසරේ ද ජය හිමිකරගත් PSG කණ්ඩාටයම මෙවරද තම කිරුළ රැකගැනීමට අවස්ථාව ලැබිණි.
