අතීතයේ දෙහිවල සත්වෝද්‍යානය මිනිස් රසාස්වාදය සදහා වෙන්කෙරුණු ස්ථානයක් ලෙස හදුන්වනු ලැබුවද වර්තමානය වන විට එහි අරමුණු පුලුල් වෙමින් සොබාදහම රැකගැනීම සදහා කැපවුනු සුවිශේෂී කොටස්කරුවෙකු බවට පත්වෙමින් සිටින බව එහි අධ්යක්ෂ ජෙනරාල් පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා අනාවරණය කළේය.
ආරම්භයේදී මෙම ස්ථානය විදේශ රටවල්වලට යැවීම සදහා සත්ත්වයන් රදවා තබාගන්නා භූමියක් ලෙස පවත්වාගෙන ගිය ද වර්තමානයේ සත්ත්ව සුභසාධනය, විද්‍යාත්මක පරීක්ෂණ, සත්ත්ව අභිජනනය, පාරිසරික අධ්‍යාපනය වැනි විසල් කාර්ය්යභාරයක් නියුතු ස්ථානයක් බවට පත්ව තිබෙන බවද ඔහු සදහන් කළේය.
අධ්යක්ෂ ජෙනරාල්වරයා මේ බව පැවසුයේ ඊයේ(ජුලි03) දෙහිවල සත්වෝද්‍යානයට වසර 90 ක් පිරීම නිමිත්තෙන පැවැත්වූ උත්සවයේදීය.
1936 ජූලි 03දින ආරම්භ කෙරුණු දෙහිවල සත්වෝද්‍යානය අක්කර 23 ක වපසරියකින් යුත් හරිත භූමියක් වන අතර දේශීය මෙන්ම විදේශීය ක්ෂීරපායි සතුන්, ජලජ ජීවීන්, උභය ජීවීන් මෙන්ම පක්ෂීන්, ඇතුලු විවිධ සත්ත්වයන් නිවහන බවට පත්ව තිබේ.
විනෝස්වාදය මෙන්ම අධ්‍යාපනික තොරතුරු මෙන්ම වන ජීවිතවල ඇති සොදුරු අත්දැකීම් ජනතාව වෙත සමීප කර දෙන දෙහිවල සත්වෝද්‍යානය ඉදිරියේදී තව ප්රවනතාවයන් සමගින් ප්‍රේක්ෂකයින් වෙත වඩා ප්‍රසස්ථ සේවාවක් ලබාදීමට කටයුතු කරමින් සිටී.
