අප රටේ ක්‍රීර්තිමත් යුධ හමුදාපතිවරයෙකු මෙන්ම හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයකුවූ ජෙනරල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
මිය යනවිට ඔහු 91 වියේ පසුවිය.
වසර 40 වැඩි කාලයක් උපන් දේශය වෙනුවෙන් සේවය කළ ජෙනරාල් වනසිංහ මහතා 1954 වසරේ කැඩෙට් නිලධාරියෙකු ලෙස සේවයට එක්ව ඇත.
යුධ හමුදා නිලධාරියෙකු ලෙස විවිධ තනතුරු රැසක් හොඹවා ඇති වනසිංහ මහතා 1988 වසරේදී මෙරට 11 වැනි යූධ හමුදාපතිවරයා ලෙස පත්වී ඇත.
1995 වසරේ විශ්‍රාම දිවියට එළඹි වනසිංහ මහතා ඉන් අනතුරුව මෙරට ඒකාබද්ධ හමුදා අණ දෙන නිලධාරියා මෙන්ම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙසද කටයුතු කර ඇත.
ගම්පහ මල්වාන ප්‍රදේශයේ උපත ලබා ඇති ඒ මහතා කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙක් වෙයි.