සංචරණයට මිනිසා දැඩි කැමැත්තක් දක්වන බැවින් ගමනා ගමන පහසුකම් ඉහළ නැංවීම රටක සංවර්ධන ගමනට කෙරෙන ආයෝජනයක් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා ප්‍රකාශ කළේය.
ලොව කුමන රටක සංචාරය කලත් දියුණු ප්‍රවාහන සේවාවන් පැවතීමෙන් අත්විදීමට ලැබෙන සුව පහසුව පිලිබදවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
පෞද්ගලික මෝටර් රථ විශාල ප්‍රමානවලින් ගමනාගමනයට එක්වීමෙන් පරිසරයේ යහ පැවැත්මට දැඩි බලපෑමක් එල්ලවන බවත් පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීමේ විවිධ වැඩ සටහන් කෙරේ විශාල ලෙස අවධානය යොමුවී ඇති බවත් සභාපතිවරයා පැවසීය.
නැනෝ තාක්ෂණයෙන් යුත් විද්‍යුත් බස්රථ පොදු ප්‍රවාහන සේවාවට එක්වීමෙන් මෙම ගැටලු විසදා ගැනීමට විශාල පිටිවහලක් ලැබෙන බවද සභාපතිවරයා කීය.
චීනයේ ශ්‍රී ඕල්ටර් නැනෝ ආයතනයේ නිෂ්පාදිත විදුලි බස්රථ මෙරට ගෝ ග්‍රීන් ආයතනය සමග එක්ව ශ්‍රී ලාංකික වෙළදපලට හදුන්වා දීමේ ආරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ බස් නැවතුමක මඳ වේලාවක් රැදී සිටිය හොත් දුම් වලාවකින් අවට වැසී යන බවත් එය කෙටි කාලීනව මෙන්ම දීර්ඝ කාලීනව මිනිසාට මෙන්ම පරිසරයට දැඩි හානියක් බවත් ශ්‍රී ඕල්ටර් නැනෝ ආයතනයේ සාමාන්‍ය අධිකාරි සුසාන් ලීන් මහත්මිය පැවසුවාය.
ලොව පුරා 24% පරිසර දූෂණයේ කොටස් කරුවන් වන්නේ මෝටර් රථ බවත් එයට විසදුමක් ලෙස නැනෝ තාක්ෂණයෙන් යුත් විදුලි බස් හදුන්වා දෙන බවත් සුසාන් ලීන් මහත්මිය ප්‍රකාශ කළාය
එක් විදුලි බස් රථයක් මාර්ගයට එක් කිරීම එක් ගසක් සිටවීම හා සමාන බව ද ඇය සදහන් කළාය.
මෙම බස්රථ වර්ග දෙකකින් වෙළදපලට හදුන්වා දෙන බවත් කෙටි දුර ධාවනයට අඩු කාලයකදී ආරෝපනය කළ හැකි බැටරියක් සහිත බස්රථද දුර ගමන් සදහා වැඩි කාලයකදී ආරෝපිත බැටරි යොදාගන්නා බස් රථ ද යොදා ගත හැකි බවත් ගෝ ග්‍රීන් සමාගමේ ආචාර්ය අසේල අභයවර්ධන මහතා කීය
මෙම විදුලි ආරෝපිත බැටරියක් සදහා වසර 08ක වගකීම් සහතිකයක් ලබාදෙන බවද හෙතෙම පැවසීය.