මෝටර් රථ, විදුලි මෝටර් රථ, සහ දෙමුහුන් මෝටර් රථ ආනයන සදහා මෙතෙක් පනවා තිබූ තහනම ඉවත් කරමින් 2025 පෙබරවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර කෙරිණි.ඒ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.
ඒ අනුව 2025 ජනවාරි 27 දිනති අංක 2421/04 දරන ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කරන ලද 2025 අංක 01 දරන ආනයන සහ අපනයන රෙගුලාසි ඒ යටතේ සිදුකරන ලද ඕනෑම ක්‍රියාමාර්ගයක වලංගුභාවයට අගතියක් නොවන පරිදි අදාල තහනම ඉවත් කර ඇති බව ගැසට් නිවේදනයේ සදහන්ව ඇත.
අදාල ගැසට් නිවේදනයට අනුකූලව කැබ් රථ, යතුරු පැදි, පාපැදි, ඔටෝ රික්ෂෝ රථ විශේෂ කාර්ය සදහා වන මෝටර් රථ යන වාහනා ආනයනය සදහා මෙතෙක් පැවැති තහනම ඉවත් වෙයි.
මෙම ආනයන සීමා ඉවත්වීමත් සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ මෝටර් රථ ආනයන කරුවෙකු ලෙස ලියාපදිංචි වී සිටින ව්‍යාපාරිකයන්යට ගැසට් නිවේදනයේ අදාල රෙගුලාසි යටතේ වර්ගීකරණය කර ඇති වාහන වෙළද අරමුණු සදහා ආනයනයට ඉඩ සැලසෙනු ඇත.