හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහ අධිකරණය විසින් බරපතල වැඩ ඇතිව වසර 03 ක සිර දඩුවම් නියම කෙරිණි.
පුද්ගලයෙකු පැහැරගැනීමක් සම්බන්ධව නඩුවට අදාල චෝදනා 18ක් යටතේ කොළඹ මහ අධිකරණයේ දීර්ඝ කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ලබා දී ඇති අතර නීතිපතිවරයා විසින් අධි චෝදනා යටතේ මෙම නඩුව ගොනුකර කර තිබිණි.
විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චෝදනා 18ම වැරදිකාරිය කෙරුනු අතර එම චෝදනා 1 කට රුපියල් විසි දහස බැගින් දඩ මුදලක් ද නියම කෙරිණි .
අදාල දඩ මුදල පැහැර හරිනු ලැබුවොත් එක් චෝදනාවකට මාස 6 බැගින් සිර දඩුවම් ලබාදෙන බවද නියෝගයේ සදහන් විණි.
විත්තිකාරිය සිදුකරන ලද වරදෙහි බරපතල කම අනුව ඇයට බරපතල වැඩ සහිතව වසර 69 සිර දඩුවම් නියම කළ හැකි බව පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිස්ට ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විසින් ප්‍රකාශ කෙරිණි.
මෙම පැහැරගෙන යාමේ සිද්ධියට අදාල විත්තිකාරියගේ අධාර කරුවන්වූ පුද්ගලයන් 8 දෙනෙකු මීට පෙර අධිකරණය ඉදිරියේ වරද පිලිගත් අතර ඔවුන්ට අත්හිටවූ සිර දඩුවම් සහ දඩ මුදල් නියම කෙරිණි.
2015 වර්ෂයේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළද සැලක සේවයේ දෙී සිටි තරුණයකු පැහැර ගෙන ගොස් රදවා තබා ගැනීම පහර දීම යන චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.