අපේ රටෙි රෝහල් වල රෝගී ධාරිතාව ඉක්මවා ගොස් ඇති බැවින් ප්‍රතිකාර අත්‍යාවශ්‍යම රෝගීන් සදහා ප්‍රසස්ථ සේවාවක් ලබාදීමේ මග ඇහිරී යන බවත් ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමට නම් රෝහල් මත පැටවී ඇති බර සැහැල්ලු කළයුතු බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවදාරණය කළේය.
බාහිර රෝගී අංශ වලට ප්‍රතිකාර සදහා පැමිනෙන බහුතර පිරිස බෝ නොවන රෝගීන් බවත් නේවාසික ප්‍රතිකාර ලබාගන්නා වැඩි ප්‍රතිශතය හදිසි අනතුරු වලට ලක් වූවන් බවත් මේ දෙ අංශයම රෝහල් කරා පැමිණීම බාහිරව අඩුකිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේනම් ජනතාවට ඉතා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදිය හැකි බවත් හෙතෙම පැවසීය
අද(07) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ජාතික අනතුරු නිවාරණසතිය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරමින් අමත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළේය.
සටහන – ලක්ෂ්මි වික්‍රමසිංහ