මැයි දිනය අදයි

කම්කරු ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ජගත් සැමරුම් දිනය හෙවත් ලෝක කම්කරු දිනය අදට යෙදී ඇත‍.

ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරු ජනතාව පැය 8 ක සේවා මුරයක් ඉල්ලමින් 1886 මැයි 04 දින දියත් කළ විරෝධතාවය කම්කරු දිනයේ  ආරම්භය ලෙස සදහන් වෙයි‍

එහිදී කම්කරු ජනතාවගේ ඉල්ලීම් ඉවත දැමූ කර්මාන්ත ශාලා හිමිකරුවන් කර්මාන්තශාලා වසාදැමීම නිසා ඇතිවූ අරගලය පාලනය කිරීමට පොලීසියේ මැදිහත්වීමද අවශ්‍ය වී ඇත‍.

පොලීසිය සහ අරගල කරුවන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වය හමුවේ පොලීසිය සිදුකළ වෙඩි තැබීම් වලින් අරගලකරුවන් 11 දෙනෙතු මිය ගොස් ඇති අතර තුවාල ලැබූ පිරිස 130 ක් පමණ වූ බව සදහන් වෙයි.

එමෙන්ම අරගල කරුවන් 100 පමණ පොලිස් අත් අඩංගුවට පත්ව ඇත.

එය ලෝක කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගුනු පළමු අවස්ථාව මෙන්ම කම්කරු අයිතිවාසිකම් පිලිබද සටහන් තැබුනු සුවිශේෂ මංසන්ධියක්ද වෙයි‍

එසේම මෙරට පළමු මැයි දින උත්සවය 1934 වසරේ කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර අද 139 වැනි කම්කරු දිනය සැමරෙයි.

කෙසේ වුවද එදා වෘත්තීය සමිතිවලට සීමා වී තිබූ ජාත්‍යන්තර මැයි දිනය මේ වන විට දේශපාලන පක්ෂ වල ග්‍රහනයට පත්ව තිබේ.