මහින්දගෙයි නලින්ගෙයි කැරම් සෙල්ලම ලෙල්ලමක් වෙයි

කැරම් සහ දාම් බෝඩ් සම්බන්ධ සිද්දියට චෝදනා ලැබ සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම, හිටපු ස.තොස සභාපති සහ වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන අය අද (29) කොළඹ මහ අධිකරණයේ ත්‍රි පුද්ගල විනිශ්ෂය මණඩලයක් විසින් වරදකරුවන් බවට පත්කර දඩුවම් නියම කරණු ලැබිණි.

ඒ අනුව මහින්දානන්ද අලුත්ගමට වසර 20ක් ද නලීන් ප්‍රනාන්දුට වසර 25 බැගින් බරපතල වැඩ සහිතව මෙම සිර දඩුවම් නියම කර ඇත.

2015 වසරේ ජනාධිපතිවරණය සමයේ ස.තොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 සහ දාම් බෝඩ් 11,000 ක් මිලදී ගෙන ක්‍රීඩා සමාජ වලට බෙදා දීම මගින් රජයට මිලියන 53 ක් පාඩුවක් සිදුකළ බවට ඔවුන්ට විරුද්ධව පැවැති චෝදනා විය.