මහනුවර මහා මංගල්‍යයට දින නියම වෙයි.

ඓතිහාසික ‍සෙංකඩගල පුර ඇසළ මහා පෙරහැර මංගල්‍යය පැවැත්වන දින සහ වේලාවන් ප්‍රකාශයට පත් කිරීම දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් අද(19) සිදුකෙරිණි.

ඒ  දළදා මාළිගාවේ රන් ආයුධ මණ්පයේ පැවැති මාධ්‍ය සාකඡ්චාවකදීය.

ඒ අනුව ලබන ජුලි මස 25 දින සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටවීමෙන් ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කෙරෙන අතර දේවාල අභ්‍යන්තර පෙරහැර දින 05ක් පැවැත්වීමට නියමිතව ඇත.

පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීම ජූලි 30 සුබ නැකතට සිදු ‍කෙරෙන අතර එය අගෝස්තු 03 දක්වා පැවැත්වීම සිදුකරණු ඇත.

පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 04 දින පැවැත්වෙන අතර අවසාන රන්දෝලි පෙරහැර නිකිණි පුන් පොහොය දින (08)  පැවැත්වීමට දින නියම කර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *