පොසොන් පොහොය අදයි

සිංහල බෞද්ධ ජනතාව මහත් භක්තියෙන් සමරණ පොසොන් පුන් පොහොය දිනය අදයි(10)

අන්ධකාරයේ වෙලී ගස් ගල් යක්ෂයන්  අදහමින් මිසදුටුවන් ලෙස ජීවත්වූ  මෙරට ජනතාව වෙත බුදුදහමේ පණිවිඩය රැගෙන මිහිදු මහ රහතන් වහන්සේ වැඩමවූයේ අද වැනි පෙහොය දිනකය.

ශ්‍රී ලංකාව ධර්මදීපයක් බවට පත්කිරීමේ අඩිතාලම එදා  මිහින්තලාවෙන් ඇරඹුනු  අතර පොසොන් පොහොය ශ්‍රී ලාංකික බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂ සංනිදිස්ථානයක් සනිටුවහන් කරයි.

බුදුන්වහන්සේගේ සිරුරින් පළමු බුදුරැස් විහිදවීම සිදුව ඇත්තේ අද වැනි පොසොන් පොහොය දිනකදීය

බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂ සිදුවීමක් ලෙස සැලකෙන තෙවන ධම්ම සංඝායනාව පැවැත්වීමද අද වැනි පොහොය දිනක සිදුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *