පියයුරු රකින ක්‍රමවේද තුන  

ලොව පුරා සෑම කාන්තාවකටම අවධානම ගෙන එන පිළිකා රෝගය මෙන්ම මරණය සදහා හේතුවන පිළිකා අතර පියයුරු පිළිකාව පළමු තැන ගනී.

කාන්තාවකට සිය ජීවිත කාලය තුල පියයුරු පිළිකාවක් ඇතිවීමේ අවධානම 12% පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කරයි.

අප රටේ කාන්තාවන්ද පියයුරු පිළිකාව වැලදීමේ  වැඩි නැඹුරුතාවයක් දක්වන අතර වසරකදී පියයුරු පිළිකාවට ගොදුරු වන ප්‍රමාණය 5500 පමණ වෙයි.එසේම දිනකදී නව රෝගීන් 15 දෙනෙකු පමණ හදුනා ගන්නා අතර ඉන් තිදෙනකු මරණයට පත්වෙති.

මූලික අධියරේදී පියයුරු පිළිකාව හදුනා ගැනීමෙන් සම්පූර්ණ සුව කර ගැනීමේ ඉහළ හැකියාවක් පැවතියද රෝගීන් ප්‍රතිකාර සදහා පැමිණීම ප්‍රමාද වීම නිසා සංකීර්ණ ප්‍රතිකාර සදහා යොමුවීමට මෙන්ම මරණය ඇතිවීමේ අවධානමකටද ඔවුන් යටත්වෙති.

මෙහිදී  පියයුරු පිළිකාව සම්බන්ධව දක්වන විවිධ ආකල්ප අනීතික බිය ප්‍රතිකාර පමා කිරීමට හේතු ලෙස හැදින ගෙන ඇති අතර මෙම පිරිස 30% ප්‍රමාණය ක් වන බව සංඛ්‍යා ලේඛන මගින් අනාවරණය වෙයි.

 ස්වයං පියයුරු පිළිකා පරීක්ෂාව මගින් එහි රෝග ලක්ෂණ මූලික අධියරේදී හදුනාගැනීමට හැකිවන අතර වසර 20 පසු සෑම කන්තාවක්ම සෑම මාසයකදීම ස්වයං පරීක්ෂාව සිදුකිරීම අත්‍යාවශ්‍ය වෙයි. එය රෝගය මූලික අධියරේදී හදුනා ගැනීම ඇති වඩාත්ම පහසු සහ නිවරදි ක්‍රමය වෙයි.

ස්වයං පියයුරු පරීක්ෂාව ලෙස හදුන්වනුයේ තමාගේ පියයුරු යුගල තමා විසින්ම පරීක්ෂාවට ලක් කිරීමයි එය වඩාත් පහසු ලෙස හදුනා ගැනීම සදහා (TLC) touch, look, check, ස්පර්ෂය, බැලීම නිරීක්ෂණය යන ක්‍රමවේද තුන පියයුරු පිළිකාව මූලික අධියරේදී  හදුනා ගැනීම වඩාත් පහසු කරයි.එහිදී  පියයුරුවේ හෝ කිහිලි ප්‍රදේශයේ ගැටයක් පැවතීම, පියයුරු හැඩය වෙනස්වීම, හමේ රළු බවක් ඇතිවීම ,තන පුඩුවේ වල ගැසීම,  තන පුඩු වලින් ශ්‍රාවය පිටවීම වැනි රෝග පවතීනම් කල් නොමරා වෛද්‍ය පරීක්ෂණ සදහා යොමුවීම අත්‍යාවශ්‍ය වෙයි.

පියයුරු පරීක්ෂාව අතර සායනික පියයුරු පරීක්ෂාවද කාන්තාවන් සිදුකළ යුතු අනිකුත් විශේෂිත පරීක්ෂණයක් වෙයි එය වසර 20 -40 සෑම කාන්තාවක්ම වසර තුනකට වරක්ද වසර 40 වැඩි සෑම කාන්තාවක්ම වසරක් පාසා මෙම පරීක්ෂණයට යොමු විය යුතුයි. මැමෝග්‍රම් පරීක්ෂාවද  ඉතාම මූලික අධියරේදී පියයුරු පිලිකාව පිළිකාව හදුනා ගැනීම සිදුකරන පරීක්ෂාවකි.

පියයුරු පිළිකාව ඇතිවීම සදහා හේතු සාධක ගනනාවක්ම පවතින අතර එහි ප්‍රධාන හේතුව වන්නේ කාන්තාවක් වීමයි ඊට අමතව ඊස්ට්‍රජන් හෝමෝනය ට වඩි කාලයක් නිරාවරණය වීම එනම් වසර වසර 11ට අඩු වියේ වැඩිවියට පැමිණීම හෝ  වසර 55 ඉක්මවා ඔසප් පැවතීම, දරුවන් නොමැතිවීම, ජානමය සම්බන්ධතා, දුම්බීම, මත්පැන් පානය.

පියයුරු පිළිකාව විශේෂයෙන්ම කාන්තාවක් වීමම  ඉහල අවධානමක් ඇති පිරිසක් වූවද අදාල පරීක්ෂණ සදහා ‍ඔවුන් යොමු කිරීම මෙන්ම එවැනි අවස්ථාවකදී ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමට විශාල වගකීමක් පිරිමි පාර්ශවයට ඇත  සෑම පුරුෂයකුම තම භූමිකාවේ සිට කාන්තාවට උපකාරී  කිරීමද මෙහිදී අත්‍යවශ්‍ය අංගයක් වෙයි.

සටහන – ලක්ෂ්මී වික්‍රමසිංහ.

පසුගියදා  ඉන්දිරා භාරය සංවිධානය එක්ව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය සම්මන්ත්‍රණය ඇසුරින් සකස් කෙරිණි.