පිට රට සිට එවන සියලු මානුෂීය ආධාර සම්පූර්ණ තීරු බද්දෙන් නිදහස් – රේගු අධ්‍යක්ෂ ජෙනරාල්

ආපදාවට පත්වී සිටින ශ්‍රී ලාංකික ජනතාව සදහා විදෙස් රටවල සිට එවනු ලබන සියලු මානුෂීය ආධාර තීරු බදු ගෙවීමෙන් තොරව නිශ්කාශනය කර ගත හැකි බවත් එසේම භාණ්ඩ නිදහස් කරගැනීමේ නිශ්කාශන කටයුතු කෙටි කාලයකින් සිදු කළ හැකි බවත් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සීවලී අරුක්ගොඩ මහතා අනාවරණය කළේය.

එසේම සියලුම මානුෂීය ආධාර ආපදා කළමණාකරන මධ්‍යස්ථානයට හෝ ආරක්ෂක ලේකම්වරයාට එවන ලෙසත් පෞද්ගලිකව විදේශයේ සිට එවනු ලබන ආධාර සදහා තීරුබදු වලින් නිදහස් කිරීම සිදුකළ නොහැකි බවත් එසේම එහි විනිවිද භාවයක් නොමැති බැවින් එම ආධාර කුමන පාර්ශවයකට හිමිවන්නේද යන්න ගැටලුකාරී තත්ත්වයක් ඇති වන බවත් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධාරණය කළේය.

වරාය හෝ ගුවන් මගින් මෙරටට එවන ආධාර ආපදා කලමණාකරන මධ්‍යස්ථානය මගින් දිස්ත්‍රික් ලේකම්වරයාට ලබාදෙන බවත් ඉන් අනතුරුව එම ආධාර ප්‍රාදේශීය ලේකම්වරයාට ග්‍රාමනිලධාරී මාර්ගයෙන් අදාල ප්‍රදේශවෙත ලබාදෙන බවද ඔහු පැවසීය ඊයේ (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව කීය.

donations custom