පාසල් නිල ඇදුම වෙනස්වෙයි.

අධ්‍යාපන අමාත්‍යංශය පාසල් සිසුන් සදහා නිල ඇදුමට අමතරව ශරීරය ආවරණය වන වන පරිදි  තවත් ඇදුමක් භාවිතා කිරීමට ට අවස්ථාව සලසා දීමට තීරණය කර ඇත.

මදුරු දෂ්ඨනයෙන් ළමුන් ආරක්ෂා කර ගැනීමට මෙවැනි තීරයකට එළඹි බවත් මේ වනවිට පාසල් ළමුන් අතර වේගයෙන් පැතිර යන ඩෙංගු රෝගයෙන් ඔවුන් රැකනීමේ එක් පියවරක් ලෙස මෙම තීරණයට පැමිණි බවත් අධ්‍යාපන අමාතංශයේ ලේකම් නාලක කළුවැව මහතා සදහන් කළේය.

අදාල වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විදුහල්පතිවරු දැනුවත් කර ඇති බවත් ඒ පිලිබදව උපදෙස් නිලවශයෙන් දැනුම් දීමට නියමිත බවත් හෙතෙම පැවසීය.

ඊට අමතරවප්‍රමිතියෙන් යුත් මදුරු විකරශක භාවිතා කිරීමට ළමුන්ට පදෙස් ලබාදීම සම්බන්ධවද එම නිවේදනයේ සදහන් වන බව ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *