පළාත් පාලන මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත්වෙයි.

ඊයේ (06) පැවැතුන 2025 පළාත් පාලන මැතිවරණයේ සමස්ත ප්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන්ව ඇති අතර එහි බහුතර බලය හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය  සමත්ව තිබේ.

එහිදී ජාතික ජන බලවේගය ඡන්ද  4,503,930 දිනාගත් අතර තෝරා පත්වූ සාමාජිකයන් ප්‍රමාණය 3927 කි. එය ප්‍රතිශතයක් ලෙස 43.26%කි ‍.

නිල ප්‍රතිඵල අනුව එම පක්ෂය පළාත් පාලන ආයතන 266  බලය හිමිකර ගෙන සිටින අතර එහිදී මහ නගර සභා 23 ක් නගර සභා 26ක් ප්‍රාදේශීය සභා 217ක් ඇතුලත් වෙයි.

සමගි  ජන බලවේගය ඡන්ද 2258480 දිනාගනිමින් සාමාජිකයන් 1767 ජයග්‍රහනය කිරීමට සමත්ව ඇත. එය ප්‍රතිශතයක් ලෙස 21.69%කි.

ඒ අනුව සමගි ජන බලවේගය ආයතන 13 ක බලය හිමිකර ගෙන ඇති අතර ඊට නරගර සභා 2 කක් සහ ප්‍රාදේශීය සභා 11 ඇතලත්ව ඇත‍

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 954517 හිමිකර ගත් අතර තෝරා පත්වූ සාමාජිකයන් ප්‍රමාණය  742 ලබාගෙන ඇත එය ප්‍රතිශතයක් ලෙස 9.179%කි.කෙසේ වුවද එම පක්ෂයේ කිසිදු ආයතනයක  බලය හිමිකර ගැනීමට සමත්ව නැත.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 488406 ක් ලබා ගනිමින් ආයතන 381 හිමිකරගෙන ඇත එය ප්‍රතිශතයක් ලෙස 4.69%කි.එම පක්ෂයද කිසිදු ආයතනයක  බලය හිමි කරගෙන ‍නැත.

ඉලංගෙයි තමිල් අසුරුච කච්චි පක්ෂය ඡන්ද 307,657 ක් හිමිකර ගත් අතර ආසන 377ක හිමිකරගෙන ඇත. එය ප්‍රතිශතයක් ලෙස 2.69% වෙයි ඔවුන් බලය ලබාගත් ආසන සංඛ්‍යාව 37කි .ඊට මහ නගර සභා 03ක් නගර සභා 01 ක් සහ ප්‍රාදේශීය සභා 33 ඇතුලත් වෙයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන 116ක් ජය ගෙන ඇති අතර තේරී පත්වූ සමාජිකයන් සංඛ්‍යාව 05කි .ඊට ඒවානගර සභා 03ක් සහ ප්‍රාදේශීය සභා 02ක් වෙයි .

ඒ අතර පොදු ජන සංධානය ආසන 300ක් සහ සර්ව ජන බල පක්ෂය ආසන 226ක් ලබාගෙන ඇත.