පළාත් පාලන ඡන්ද විමසීම අදයි.

මෙවර(2025) පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අද(06) පෙරවරු 7ට ආරම්භ කෙරිණි.

රට පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759 කදී මෙවර ඡන්දය විමසීම සිදුකෙරෙන අතර එය පස්වරු 04 ට අවසන් වෙයි.

එසේම මෙවර ඡන්ද භාවිතය සදහා සුදුසුකම් ලැබූ සංඛාව එක්කෝටි  හැත්තෑ එක් ලක්ෂ පනස් හය දහස් තුන්සිය තිස් අටක් (17,156,338)කි

ඒ අතර දේශ පාලන පක්ෂ 49 ක් ස්වාධීන කණ්ඩායම් 14ක් සහ ඡන්ද  අපේක්ෂකයින් 75589 මෙවර පළාත් පාලන මැතිවරණය සදහා තරග කරනු ඇත.

මෙවර පළාත් පාලන ආයතන 339 ක් වෙනුවෙන් ඡන්දය පැවැත්වෙන අතර මහ නගර සභා 28ක් නගර සභා 36ක් ප්‍රාදේශීය සභා 275 කින් සමන්විතවෙයටා වෙයි.