ආචාර්ය නන්දා මාලනියගේ හඩ මේ රටට සුවිශේෂ වූ අස්පර්ශනීය වූ සංස්කෘතික උරුමයක් බවත් එම ගායනය තුල ජනතාවගේ චින්තනය නගා සිටවීමේ අපූරු හැකියාවක් පවතින බවත් රටේ අදුරු කාලපරිච්ඡේද වලදී පවා ඇයගේ හඩ ජනතාව පුබුදු කළ ගීතයක් වූ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සදහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශකළේ ඊයේ (22) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුණිදාස මැදිරියේදී පැවැති ආචාර්ය නන්දා මාලනී මහත්මියට උපහාර පිදීම වෙනුවෙන් පැවැති උත්සවයේදීය.
දශක 06 කට අධික කාලයක් මෙරට සංගීතය වෙනුවෙන් සහ ගුවන්විදුලි සංස්ාව වෙනුවෙන් නන්දා මාලනිය සිදුකළ මෙහෙවර වෙනුවෙන් මෙම උපහාර උත්සවය පැවැත්වූ අතර එහිදී ගුවන්විදුලි සංස්ථාවේ 09 මැදිරිය ආචාර්ය නන්දා මාලනී මැදිරිය නම්කිරීම සහ ගුවන්විදුලි පරිශ්‍රය තුල ඇයගේ ඡායාරූපයක් විවෘත කිරීම සිදුවිය.
මෙම විවෘත කිරීම් සිදුකෙරුනේ අග්‍රාමාත්‍යවරියගේ සහ නන්දා මාලනියගේ සුරතිණි.
“නන්දා මාලනිය නම්වූ ගායන වේදිනිය අපේ ගීත කලාව තුල තවත් එක් නාමයක් වූයේ නැහැ රන්මුතුදූවෙන් ආරම්භවූ ඇගේ ගායන දිවිය තුල හුදෙක් ප්‍රේමය විරහව වැනි සුලභ මාර්තුකාවන්ට සීමා නොවී අපේ රට අත්විදි විවිධ මර්දන, දූෂණ, භීෂණය, වැනි කාලීන මාතෘකා පිලිබද නොබියව ගීතය අවධිකිරීමට ඉදිරිපත් වුනා”යැයි අගමැතිවරිය සදහන් තළාය.
මෙම අවස්ථාව සදහා අතිපූජ්‍ය පාතේගම ඥානේස්වර ස්වාමීන්වහන්සේ ඇතුලු භික්ෂූණ්වහන්සේලාද, ගරු සමන් මැක්සිමන් පියතුමා මෙන්ම අනිකුත් ආගමික ප්‍රධානීන් ද සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, බෞද්ධ සහ සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි ඇතුලු කලකරුවන් සහ සම්භාව්‍ය අමුත්තන් විශාල ප්‍රමාණයක් සහභාගි වූහ.

