වසරේ පළමු පොහොය දිනය මෙන්ම බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රාශියක් සනිටුවහන්කළ දුරුතු පොහොය අදයි(03).
බුද්ධත්වයෙන් නව වැනි මාසයේ දී උන් වහන්සේ මහියන්ගනයට වැඩම කිරීම එහිදී උන්වහන්සේ යක්ෂ සහ නාග ග්‍රෝත්‍රයන් අතර සිදුවන්නට ගිය යුද්ධය සමනයට පත් දුරුතු පොහොය දින සුවිශේෂ අතරට අයත්වෙයි.
සුමන සමන් දෙවියන් බණ අසා සොවාන්භාවයට පත්වීම ද දුරුතු පොහොය දින වැදගත් සිදුවීම් අතරට එක්වෙයි.
බුදුන්වහන්සේ උරුවෙල් දනව්වේදී තුන්බෑ ජටිලයන් දමනය කිරීමද දුරුතු පොහොය දිනක සිදුවූ අතර බිම්බිසාර රජුගේ ආරාධනයෙන් උන්වහන්සේ රජගහනුවරට වැඩම කිරීම සිදුවිය.
භිකුෂූන් සදහා ආරාම පිළිගැනීම සුදුසුයැයි උන්වහන්සේ ප්‍රකාශ කළේද දුරුතු පොහොය දිනකදීය.
ශ්‍රි ලංකා බෞද්ධ ජනතාව මහත් භක්තියේන් පුද පූජා පවත්වන කැලණි විහාරයේ වාර්ෂික පෙරහැර පැවැත්වීමද දුරුතු පොහොය දිනට යෙදී ඇත.