රටක ආර්ථිකය දියුණුව සදහා “ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ඉහළ දායකත්වයක් ලබාදෙන බවත් මෙවර අයවැයෙන් අන්තර්ගතය වූයේද ආර්ථික ප්‍රජාත්‍රන්තවාදය බවත් ඒ මගින් ශ්‍රමිකයා වඩාත් ප්‍රසස්ත මට්ටමකට ගෙන ඒමේ හැකියාව පවතින බවත් කෘෂිකර්ම පසුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා අනාවරණය කළේය.
“2025 අයවැය ඉදිරිපත් කලාම බොහෝ අය ඇහුව මේ අයවැයේ ප්‍රතිපත්තිය මොකක්ද කියල මේ අයවැයේ අන්තර්ගතය ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අපේ රටේ ජනතාව ආර්ථික ක්‍රියාවලියේ කොටස්කරුවන් විය යුතුයි. ඒ සම්බන්ධවන ආර්ථික කටයුත්තේ සාධාරණ පංගුව ඒ පුද්ගලයාට ලැබිය යුතුයි. කෙනෙකුගේ දෙයක් වෙන අයෙකුට ලැබිය යුතු නැහැ. මේක තමයි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය.මිල්කෝ එකේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තියෙනව” යැයිද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ (31) නාරාහේන්පිට මිල්කෝ කාර්යාලපරිශ්‍රයේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ අවස්ථාවේදීය මිල්කෝ ආයතනය විසින් “හයිලන්ඩ්“ සන්නාමය යටතේ ඉතිහාසගත ලාභයක් වාර්තා කිරීම වෙනුවෙන් සේවක මඩුල්ල ඇගයීම සදහා මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
මිල්කෝ ආයතනය 2025 ඔක්තෝබර් මාසය වනවිට මිලියන 1490 ක උපයා ගෙන ඇති අතර එය එය මිල්කෝ ආයතනය විසින් ලබාගත් වාර්තා ගත ලාභයක් වෙයි.
මෙහිදී මිල්කෝ ආයතනය කිරි ගොවීන් සදහා ආයතනයේ ලාභංශවලින් කොටසක් දිරි දීමනාවක් ලෙස ලබාදීමටද එසේම කිරි ගොවීන් 15,000 සදහා 2026 වසරේදී නොමිලයේ කිරි ජීවිත රක්ෂණාවරනයක් ලබාදීමට සැලසුම් කරීමද මෙහිදී විශේෂත්වයක් විය.
“මිල්කෝ ආයතනයට අද විශේෂ දවසක් මීට වසර එකහමාරකට කලින් මේ ආයතනය ඉතා අඅනතුරුදායක තත්ත්වයක තිබුනෙ අපේ රටේ අක්කර 28802 ක් එසේම කිරි කර්මාණ්ත ශාලා 5ක් ඇතුලත්ව කිරි මධ්‍යස්ථාන 92 ක් ඇතුලත්ව චංචල නිශ්චල දේපල සම්භන්ධව මිල්කෝ ආයතනය පැවතියේ අනතුරක මෙම ආයතනය බේරා ගැනීම සදහා වූ අරගලයට අපි මැදිහත්වුනා එයට මග පෙන්වුයේ ලාල්කාන්ත ඇමැති සහෝදරයා යැයි පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සදහන් කළේය.
මේ අවස්ථාව සදහා මිල්කෝ ආයතනයේ සභාපති හේමජීව ගෝඨාභය පංශු සම්පත් අංශයේ අතිරේඛ ලේකම් පාලිකා ප්‍රනාන්දු මහත්මිය ඇතුලු පිරිසක් මේ සදහා සහභාගි විණි.



