තෙල් නගී

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කර ඇත.

ඒ අනුව රුපියල් 293 පැවැති ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින් කින් ඉහළ දමා ඇති අතර එහි නව රුපියල් 317ක් වෙයි.

එසේම රුපියල් 329 ක්ව පැවැති සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 24  කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 353 ක් වෙයි.

රුපියල් 340ක්ව පැවැති ඔක්ටේන් 95 පෙට්ට්‍රල් මිල රුපියල් 25 ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 25 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල 365 කි.

එසේම රුපියල් 281 ක්ව පැවැති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල 303ක් වෙයි. එසේම රුපියල් 182 ක්ව පැවැති භූමිතෙල් මිල රුපියල් 13 කින් ද සංශෝධනය වී ඇති අතර එහි නව මිල 195කි‍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *