ජලභීතිකාව වැලදුන සෑම පුද්ගලයෙක්ම දුක්ඛිත මරණයකට ගොදුරු වන බැවින් ක්ෂීරපායි සත්ත්වයකු ගේ සපා කෑමට ලක්වූ සෑම අවස්ථාවකදීම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා අවදාරණය කළේය.
ශ්‍රී ලංකාවේ වසරකදී වාරතාවන සත්ත්ව සපාකෑම් ප්‍රමාණය 300,000 පමණ බවත් එයින් 100,000 පමන පිරිසට එන්නත් ලබාදෙන බවත් වසරකට 20ත් 30ත් අතර පිරිසක් ජලභීතිනා රෝගය වැලදී අවාසනාවන්ත ලෙස මරණයට පත්වන බවත් විශේෂඥ වෛද්‍ය ලියනපතිරණ මහතා පෙන්වා දුන්නේය.
සපාකෑම් වැඩි වශයෙන් සිදුකරන්නා මෙන්ම ජලභීතිකාව පතුරුවන ප්‍රධාන වාහකයා සුනඛයා බැවින් ආගන්තුක හෝ නිතර ඇසුරු නොකරන සුනඛයකු ස්පර්ශ නොකරන ලෙසත් ඔවුන් වෘක පවුලට අයත් බැවින් ඕනෑම අවස්ථාවකදී මෘග ගති ඉස්මතුවිය හැකි බවත් හෙතෙම සදහන් කළේය.
නිවෙස් වල ඇතිකරන සුනඛයන්ට නියමිත පරිදි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදෙන ලෙසත් ප්‍රජාවට කරදරයක් නොවන ලෙස රැකබලාගන්නා ලෙසත් භාහිර පුද්ගලයෙක් සපා කෑ අවස්ථාවලදී සත්‍ය ප්‍රතිශක්තිකරණ වාර්තා ලබාදෙන ලෙසත් වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා අවදාරණය කළේය.
සත්ත්ව සපාකෑමකදී ක්රමානුකූල වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගැනීම, සමහර සත්ත්ව හිමිකරුවන් ව්‍යාජ එන්නත් සටහන්පත් ලබාදීම නිසා නිසි ප්‍රතිකාර ලබාදීමට නොහැකිවීම සහ නොදැනුවත් කම වැනි හේතු නිසා වටිනා ජීවිත සමාජයට අහිමිවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා මේ බව සදහන් කළේ “2030 වන විට මානව ජලභීතිකාව මෙරටින් තුරන්කරමු” යන මැයෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය දැණුවත් කිරීමේ වැඩසටහනේදීය.