ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පදවි ප්‍රාප්තියට සුබ පතමින් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සහ කැමිලා බිසව විසින් සුබපැතුම් පතක් එවා ඇත.
ජනාධිපතිවරයා ඊයේ (02) බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ ප්රැට්රික් හමුවූ අවස්ථාවේ ඔහු විසින් මෙම ලිපිය බාරදී තිබේ.
දෙරට අතර සාගර ආරක්ෂා කිරීමට ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම මෙන්ම දේශගුණික අවධානමට මුහුණදීමට නව පොදුරාජ්‍ය මන්ඩල සාමාජිකයන් ලෙස සහයෝගීව වැඩ කිරීමේ අගය පිලිබදවද මෙම ලිපියේ පෙන්වා දෙයි.
දෙරට අතර පවතින සමීප සබදතාවය තව දුරටත් වර්ධනය කිරීම මෙන්ම එය අනාගත පුරපුරට දායාද කිරීමේ අවශ්යතාවය්ද මෙම ලිපියේ සදහන් වෙයි.