මෙවර පැවැත්වූ පළාත් පාලන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ පුරපති ධූරය සදහා ජාතික ජන බලවේගයෙන් තරග වැදුනු වාලී කැලී බල්තසාර් මහත්මිය අද (16) එහි 26 වෙනි පුරපතිනිය ලෙස තේරී පත්විණි.
එහිදී පුරපති තෝරා පති කර ගැනීම සදහා රහස් ඡන්දයක් පැවැති අතර බල්තසාර් මහත්මියට පක්ෂව ඡන්ද 61 ක් ලැබුනු අතර විරුද්ධව ලැබූ ඡන්ද සංඛ්‍යෘව 54 කි.
එසේම කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස හේමන්ත කුමාර මහතා බහුතර කැමැත්තෙන් තේරී පත්විය.
කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද උදෑසණ 9.30 ට බස්ණාහිර පළාත් නාගරික කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර කොළඹ නගරාධිපති තෝරා පත් කර ගැනීම සදහා ඡන්ද විමසීමක් නාගරික කොමසාරිස්වරිය යෝජනා කරන ලදී.
එහිදී පවත්වන ඡන්දය රහස් ඡන්දයක්ද එසෙත් නැතිනම් විවෘත ඡන්දයක්ද යන්න කොමසාරිස්වරිය විමසීමක් කළ අතර ජාතික ජන බලවේගය රහස් ඡන්දයක්ද සමගි ජන බලවේගය විවෘත තරගයක්ද යෝජනා ඉදිරිපත් විය.
කෙසේ වෙතත් ඡන්දය පවත්වන ආකාරය පිලිබදව මතභේදාත්මක තත්ත්වයක් ඇතිවූ අතර සභාවේ උණුසුම් වාතාවරණයක්ද ඇතිවිය.
කොළඹ මහ නගර සභාවේ නගරධිපතිධූරය සදහා සමගි ජන බලවේගයේ රීසා සරුක් ගේ නම යෝජනා වී තිබිණි.