එන්නත්කරණ වැඩසටහනට කණ කොකා හඩයි

ලොව පුරා එන්නත්කරණ වැඩ සටහන් අඩාල වීම නිසා දරුවන් මිලියන ගනනාවක් මියයාමේ අවධානමට ලක්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය අනතුරු අගවයි.

ඇමරිකාව ඇතුලු පළමු ලෝකයේ රටවල් විසින් විදෙස් ආධාර නවතා දැමීම සහ එන්නත්කරණය පිලිබදව පැතිර ඇති දුර්මත හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇති බව ඔවුන් පෙන්වා දෙති.

2024 වසරේ ලොව පුරා දරුවන් මිලියන 14 ක් පමණ එන්නත් ලබාගෙන නොමැති බවත් එන්නත්කරණ වැඩ සටහන මගින් වාර්ෂිකව ලොව පුරා මරණ මිලියන 4 කට ආසන්න ප්‍රමාණයක් වලක්වන ලබන බවත් එක්සත්ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

කෙසේ වුවද මේ වනවිට දරුවන් අතර කක්කල් කැස්ස, සරම්ප, වැනි රෝගාබාධ පැතිරීයාමේ අවධානමක් ලොවපුරා සියලු රටවල් අතර දක්නට ලැබෙන අතර සරම්ප රෝගය මුලිමනින් උපුටා දැමූ ඇමරිකා එක්සත්ජ නපදනයෙන් අලුත්ම සරම්ප රෝගීන් 1288 හදුනා ගැනීම එන්නකරණය බිද වැටීමේ අවධානම් තත්ත්වය පෙන්වා දෙයි.

සටහන – ලක්ෂ්මි වික්‍රමසිංහ