හෙට (26) පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය විමසීම සදහා සියලු කටයුතු සූදානම් කර අවසන් බව ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා සදහන් කළේය.
ඡන්ද මධ්‍යස්ථාන 48 ක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනයද අවසන් බවද හෙතෙම පැවසීය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී කොට්ඨාශ 17 ක් වෙනුවෙන් සභිකයන් 28 දෙනෙකු තෝරා පත්කර ගැනෙන අතර ඡන්ද දායකයන් 55,643 දෙනෙකු ලියාපදිංචි වී සිටිති.