මෙවර (2024 ) ජන හා නිවාස සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය 21,763,170 බවත් දශකයක කාලය තුල ජනගහනයේ ඉහළ යාම 1,403,731 බවත් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය චාන්දනී විජේබණ්ඩාර මහත්මිය අනාවරණය කළාය.
“පසුගිය සංගණනය (2012) සහ මෙවර සංගණනය අතර කාලයේ (අන්තර් සංගණන කාල පරිච්ඡේදයේ ) ජනගහනයේ වර්ධනය එතරම් වේගයක් පෙන්නුම් කරන්නෙ නැහැ ” එම අගය 0.5% යි “
“ජන ව්‍යාප්තිය සැලකීමේදී වැඩි ප්‍රතිශතයක් එනම් 28.1% බස්නාහිර පළාතේ ජීවත් වෙන්නෙ” ඒ වගේම අඩුම ජනගහනයක් ජීවත් වන පළාත උතුර. එම ප්‍රමාණය 5.3% .
“මෙවර ජන සංගණනයට අනුව වැඩිම ජන ගහනයක් ජීවත් වෙන දිස්ත්‍රික්කය ගම්පහ. එහි සමස්ථ ජනගහනය 2,433,685 ක්.
“ කොළඹ දිස්ත්‍රික්කය දෙවැනි තැන ගන්නව. එහි ජනගහනය ලෙස වාර්තා වෙන්නෙ 2,374,461”ක්
“කෙසේ වුවත් මිලියන දෙකට වැඩි ජනගහනයක් ජීවත් වෙන්නෙ මෙම දිස්ත්‍රික්ක දෙකේ පමණයි.”
එසේම ජනගහනය මිලියනයකට වැඩියෙන් ජීවත් වන දිස්ත්‍රික්ක පිළිවෙළින් ගනනය කිරීමේදී කුරුණෑගල 1,760,829 , මහනුවර 1,461,269 ක් ,කළුතර 1,305,552 රත්නපුර 1,145,138 ,ගාල්ල 1,096,585 ප්‍රධාන වන බවද ඇය සදහන් කළාය .
අප රටේ ජනගහනය අඩු අගයක් ගන්නා දිස්ත්‍රික්ක පිළිවෙලින් මුලතිව් 122,542, මන්නාරම 123,674 කිළනොච්චි 136,434 සහ වවුනියාව 172,257 එසේම ජන වර්ගය වේගවත්ම වර්ධනයක් ඇති දිස්ත්‍රික්කය මුලතිව් බවත් එහි ජනගහන වර්ධනය වෙගය 2.23% වන අතර අඩුම වර්ධන වේගය මන්නාරම් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් එය 0.01% ඇය පැවසුවාය
2024 වර්ෂයේ (15 වැනි වරට පැවැත්වූ) ජන සංගණන වාර්තාව මාධ්‍ය වෙත නිකුත්කිරීම වෙනුවෙන් ඊයේ (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී ආචාර්ය චාන්දනී විජේබණ්ඩාර මහත්මිය මේ පිලිබදව අනාවරණය කළාය.