අදත් චැස්ස තදවෙයි.

අද (22) දිනයේද ප්‍රදේශ ගනනාවක මි.ලී.150 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය ද්‍රිස්ත්‍රික්කවලත් ඉතා තද වැසි මෙන්ම වයඹ පළාතේ දකුණු පළාතේ ගාල්ල සහ මාතර ද්‍රිස්ත්‍රික්වලත් මි.ලී. 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි අතර රටේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සදහන් කරයි.

මධ්‍ය කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල සහ දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.40-50 වූ තද සුලං ඇතිවිය හැකි බවත් රටේ අනිකුත් ප්‍රදේශ වල පැ. කි. 30-40 වූ තරමක තද සුලං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුමි දෙයි.

තද සුළගින් සහ අකුණූමගින් සිදුවන අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පිවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.