2024 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (02) ආරම්භවීමට නියමිත වේ.
ඒ, අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි සත්කාරකත්වයෙනි.
කණ්ඩායම් 20ක් සහභාගී වන තරගාවලියේ මූලික වටයේ තරග A සිට D දක්වා කාණ්ඩ 4කින් පැවැත්වෙනු ඇති.
වත්මන් ලෝක ශූර එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය මෙවර තරගාවලියට එක්වන ප්‍රබල කණ්ඩායම් අතරට අයත්ය.
එමෙන්ම අමෙරිකාව, කැනඩාව සහ උගන්ඩාව මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පළමුවරට එක්වන කණ්ඩායම් වේ.
වනිඳු හසරංග ප්රමුඛ ශ්‍රී ලංකාව මූලික වටයේදී තරග කරන්නේ D කාණ්ඩයෙනි.
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය සත්කාරක අමෙරිකාව සහ කැනඩාව අතර ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේදී හෙට (02) මෙරට වේලාවෙන් උදෑසන 6.00 ට ආරම්භ වීමට නියමිතයි.