ඉතියෝපියාවේ අමුතු නත්තල  

ලෝකයේ සෑම කිතුනුවෙක්ම අද (25) නත්තල සමරද්දී ඉතියෝපියානුවන්ට ඔවුන් සමග එක්වීමේ අවස්තාව මගහැරෙයි. 

නිරන්තරව ජනවාර්ගික අර්බුදයෙන් බැටකන ඉතියෝපියානුවන්ට එවැනි අකරතැබ්බයකට මුහුන දීමට සිදුවිය හැකිබව බොහෝදෙනෙකුට සිතෙන්නට ඇත. එහෙත් සත්‍ය එය නොවෙයි.

ඔවුන්ට මෙම සන්තෑසියට මුහුන දීමට සිදුවන්නේ එරට දින දර්ශනය ලොව සම්මත දිනදසුන සමග ඇති නොගැලපීමයි. එනම් ඉතියෝපියානු දිනදර්ශනයට අනුව සෑම මාසයක්ම දින 28 කින් අවසන්වෙයි.                                                   

කෙසේවුවත් ජනවාරි 07 දින ඔවුන් කිතු සමිදුන්ගේ උපත උත්සවාකාරයෙන් සමරති. එදින ඉතියෝපියානු කතෝලික ජනතාව විවිධ සැණකෙළිවලින් පිරුනු ප්‍රීතිමත් දිනයකි. මාස එකහාමාරකට වැඩි කාලයක් පිරිසිදු නිර්මාංශ ආහාර අනුභව කළ කිතුනු ජනයාට බඩ කටපුරා කෑමබීම ලැබෙන්නේ නත්තල දින දහවලේදීය. ඔවුන්ගේ දින දසුන මෙන්ම එම ආහාරද අපට ඔවුන්ගැන මහත් කුකුසක් ඇති කරයි.

නත්තල් දිවාභෝජනය පිළියෙළ කිරීම ආරම්භ වන්නේ ඊට පෙරදීන සිටය. පැය 8 ට අධික කාලයක් තිස්සේ පිසගන්නා ඩෝරාවට් (dora wat) නම් කුකුල්මස් ව්‍යංජනය සමග ඉන්ජිරා (injera) නම් රොටී ඔවුන්ගේ සම්ප්‍රදායික ආහාර වට්ටෝරුවයි. එය ඉතා ප්‍රණීත ආහාර වේලකි. පවුලේ නෑ හිතවතුන් ඒක රාශී වීම, වැඩිහිටියන්ට ගරුකිරීම දේවාස්ථානවල පෙරහැර පැවැත්වීම, කිතු උපත සිහිකරන සුවිශේෂ අංග ලෙස හැදින්වේ. ඔවුන් එදින සම්ප්‍රධායික ජාතික ඇදුමෙන් හැඩවෙති. 

Newsmace අප්‍රිකානු නියෝජිත ඒඩ්න් සොලමන්ගේ සටහනකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *