එපිෆනි යනු ක්‍රිස්තියානි ජනතාවට නත්තලට පසුව උදාවන ඉතා ප්‍රීතිමත් දිනයකි. එහි ආගමික පසුබිමක් නැතුවාද නොවේ. එහෙත් එම දිනය ගත කිරීම සදහා ඔවුන් කටයුතු කරන ආකාරය බැලීමේදී එහි විනෝදයෙන් පිරී ගිය එසේම ඔවුන්ගේ හදවතට සාමයද, ප්‍රේමයද වඩ වඩා ලගාකර දෙන සුවිශේෂ දිනයක් ලෙස හැදින්වේ. එසේම නව වසරට සෞභාග්‍ය ප්‍රාර්ථනා කිරීමද මෙම උත්සවයේ තවත් අරමුණකි.
එපිෆනි මධ්‍යතන යුගයේ සිට පැවත එන සම්ප්‍රධායික උත්සවයකි. ආගමික නිකායන් අනුවද මහද්වීප අතර කිතුණු ජනතාවගේ විවිධ සිතුම් පැතුම් අනුවද ඔවුන්ගේ එපිෆනි සම්ප්‍රධායන් වෙනස්වීමක්ද දක්නට ලැබෙයි. එසේම බටහිර සම්ප්‍රධාය තුල එපිෆනි උත්සවය නත්තලින් සති දෙකකට පසුව එනම් ජනවාරි 06 දිනය (නත්තලින් 12 වන දිනය) සමරන අතර ජූලියන් දින දර්ශනය එනම් ඕතඩොක්ස් දේවස්ථාන වල ජනවාරි 19 දින එපිෆන් සමරනු ලැබේ. කෙසේවුවද එපිෆනි ළමා පරපුරටන් මහත් විනෝදය සමීප කරන සුවිශේෂ දිනයක් වෙයි.
ප්‍රංශ භාෂාව භාවිතා කරන බොහෝ රටවල මෙම උත්සවය පැවැත්වීමේ අරමුන, -කිතු උපත දැකගැනීමට පැමිනි රජුන් තිදෙනා සංකේතාත්මකව සැමරීමයි (three kings day).
මේ සදහා ඔවුන් විශේෂ කේක් ගෙඩියක් පිළියෙළ කරන අතර ඝණ අයිසින් වලින් සකස් කළ කුඩා ද්‍රව්‍යයක් මෙම කේක් ගෙඩියේ එක් තැනක සගවනු ලබයි. කේක් අනුභව කරන අවස්ථාවේ මෙම සැගවු ද්‍රව්‍ය ලැබුන තැනැත්තා උත්සවයේ විශේෂ පුද්ගලයා බවට පත්වෙයි. එදින ඔහු හෝ ඇය ඔටුන්නක් පැළදීමටද රජ හෝ රැජින ලෙස පිළගැනීමද සිදුකෙරෙයි.
ස්පාඤ්ඤය සහ ලතින් ඇමරිකාව මෙය නත්තල් දිනයට වඩා තෑගි ලබාදෙන උත්සවයවන්නේ එපිෆනි දිනයයි. ජනවාරි 05 දින රාත්‍රියේ තෑගිත් රැගෙන රජවරු තිදෙනා පැමිනෙන බව එහි කිතුණූ ජනතාව අතර විශ්වාසයක් පවතී. එම රටවල දරුවන් ජනවාරි 05 දා රාත්‍රියේ තෑගි ලබා ගැනීම සදහා සපත්තුවක් එලිමහනේ තැනක එල්වා තබයි. රජුන් තිදෙනා පැමිණිය ද නොපැමිනියද සපත්තුව තෑගිවලින් පිරී ඇතිබව උදෑසන අවදිවන ළමුන්ට දැකගත හැකිවනු ඇත.
ඉතාලියේ ද එපිෆනි ළමුන්ට අත හිත පිරෙන්න තෑගි ලැබෙන ප්‍රීතිමත් දිනයකි. එසේම එදින”ලා බෙෆානා” (la Befana) නැමැති කරුණාවන්ත මායාකාරියක් කොස්සකින් පියාසර කර දරුවන්ට රසකැවිලි ලබාදෙන බවත් ඔවුන් අතර විශ්වාසයක් පවතී.
එපිෆනි ඉතියෝපියාවේ ඉතා සුවිශේෂ සැමරුම් දිනයක් වෙයි දින තුනක් පුරා ජේසුස්වහන්සේගේ බෞතීස්මය සිහිපත්කරමින් ගීත නර්තන සහ පෙරහැරවල් පැවැත්වමින් ඔවුන් එපිෆනි දිනය සමරති.
ග්‍රීසිය සහ බල්ගේරියාව ආදී රටවල එපිෆනි උත්සවය වඩාත් ජනප්‍රියව ඇත්තේ තරුණ තරුණියන් අතර වීම තවත් විශේෂයකි එහිදී පූජකවරයා විසින් ලී කුරුසයක් සීතල ජලය සහිත වැවකට ආදී ස්ථානයකට විසිකරනු ලබන අතර ජලයේ බැස එය සොයාගත් තැනැත්තා ට වසර පුරා වාසනාව හිමිවන බව පැවසේ.
මෙක්සිකෝවේ එපිෆනි සැමරීම ඉතා සුවිශේෂ උත්සවයක් ලෙස සැලකේ රවුම් හැඩති පැණිරස පාන්වර්ගයක් ඔවුන් එදින අනුභව කරන අතර එහි කුඩා ජේසු බිළිදාගේ රෑපයක් සගවා ඇත. එය හමුවන තැනැත්තා පෙබරවාරි 02 පැවැත්වෙන උත්සවයේ සත්කාරකත්වය දැරිය යුතු වෙයි.
කෙසේ වුවද එපිෆනි යනු නත්තල් දිනයේ අවසානයයි. එදිනට පසුව නත්තල් සැරසිලි තබා ගැනීම අවාසනාව ගෙන එන බොහෝ කිතුනුවන් විශ්වාස කරති.
Newsmace යුරෝපා නියෝජිත එලීසා ස්මිත් සහ අප්‍රිකානු නියෝජිත ඒඩ්න් සොලමන්ගේ සටහන් ඇසුරිනි.


