A/L ටියුෂන් හතරෙන් පස්සෙ බැහැ

අ.පොස(උ.පෙ.) 2025 විභාගයට අදාල උපකාරක පංති, සම්මන්තරණ, වැඩමුළු, පැවැත්වීම නොවැම්බර් 04 දා මධ්‍යම රාත්‍රී 12න් පසුව තහනම් බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සදහන් කරයි.

2025 වර්ෂයේ විභාග අපේක්ෂකයන් සදහා උපකාරක පංති, විෂයානුබද්ධදේශන සම්මන්තරණ ,වැඩමුළු ,පැවැත්වීම අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ බෙදා හැරීම විභාග ප්‍රශ්න පත්‍රවලට සමාන පෝස්ටර් බැනර් අත්පත්‍රිකා මුද්‍රණ  හෝ විද්‍යුත් මාර්ග මගින් ප්‍රචාරය කිරීම තහනම් ක්‍රියාවන් ලෙස හැදින්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

කිසියම් පුද්ගලයෙකු මෙම නියෝග නොසලකා කටයුතු කරන්නේනම් විභාග පනත යටතේ වරද කරුවන් වන බවද එම නිවේදනයේ සදහන් වෙයි.

2025 අ.පොස උ.පෙ‍ විභාගය නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා රට පුරා විභාග මධ්‍යස්ථාන 2362 කදී පැවැත්වීමට නියමිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *