නවීන් සූරිආරච්චි මහතා දිවියෙන් සමුගනී

මැණික් සහ ස්වර්ණාභරණ සංස්ථාවේ සභාපති නවීන් සූරිආරච්චි ඊයේ (12) දින අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගී තත්ත්වය හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු සිය ජීවිතයට සමුදී ඇත.

ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙක් මෙන්ම අන්තර්ජාතික මූල්‍ය සමූහයේ ප්‍රාග්ධන අලෙවිකරණ අංශයේ උපදේශකයෙක් වූ ඒ මහතා සණස සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් ලෙස ද කටයුතු කර ඇත.

මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරි‍යේ උන්නතිය වෙනුවෙන් පුලුල් මෙහෙවරක නිරතවූ සූරිආරච්චි මහතා ඒ වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් ලබා නොගැනීමද ඔහුගේ සුවිශේෂ අංගයක් විය.

ඒ මහතගේ අවසන් කටයුතු අද (13) බොරැල්ලේ කනත්තේදී සිදුකිරීමට නියමිතය.