තැපැල් වැඩ වැරුමට ඇඩ්ඩ්‍රස් නැතිවෙයි ද?

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩ වර්ජනය මේ මොහොතේ පටන් අවසන් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා  ප්‍රකාශ කළේය.

අද (24) අමාත්‍යවරයා සමග පැවැති සාකච්ජාවේදී ඇතිකරගත් එකගතාවය මත මෙම වැඩවර්ජනය අවසන්කිරීමට තීරණය කළ බවද හෙතෙම පැවසීය.

වර්ජනය සදහා ඉදිරිපත්කළ මූලික කරුණූ 19 න් 17 ක් සදහා මසක් ඇතුලත විසදුම් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීමට සදහා ආමත්‍යවරයා විසින් තැපැල්පතිවරයාට නියෝග ලබාදී ඇතිබවත් එහෙත් අතිකාල දීමනා සහ ඇගිලි සලකුණු සම්බන්ධ ඉල්ලීම් වල කිසිදු වෙනසක් කිරීමට ඇමතිවරයා කැමැත්ත පල නොකළ බවද ඔහු පැවසීය.

රජයේ පොදු ප්‍රතිපත්තියක් වන ඇගිලි සලකුණු භාවිතය සම්බන්ධයෙන් ඔවුන් විරුද්ධත්වයක් පල නොකරන බවත් වසර ගනනාවක් පුරා ඇගිලි සලකුණූ භාවිතා කළ කාර්යාල තුල තව දුරටත් එම ක්‍රම වේදය භාවිතා කරන බවත් මේ වනවිට මධ්‍යම තැපැල් හුවමාරුවේද ඇගිලි සලකුණු යන්ත්‍ර සවිකරමින් සිටින අතර එම යන්ත්‍ර ඔවුන්ගේ රාජකාරිය සමග කෙතරම් දුරට ගැලපේද  යන්න විමසිලිමත් වන බවද අවශ්‍ය මැදිහත්වීම්  සිදුකරන බවද ඔහු සදහන් කළේය.

විදුලි සංදේශන නිලධාරීන්ගේ සංගමය සහ තැපැල් නිලධාරීන්ගේ වෘත්තීය සමිති කිහිපයක් ඉල්ලීම් 19 මුල්කර ගනිමින් පසුගිය 17 දින සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කළේය.