දරු ගැබැක් දැරිය හැකි මානවරූපි රොබෝවන් නිර්මාණය කිරීමට චීනයේ කන්යැං තාක්ෂණ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආචාර්ය ෂැං කිෆොන්ගේ නායකත්වයෙන් යුත් විද්‍යාඥයන් පිරිසක් පරීක්ෂණ දියත් කර ඇත.
කලලයක් කුස පිළිසිද ගැනීමේ සිට දරු උපත සිදුවන අදාල කාල සීමාව දක්වා දරු ගැබ දැරිය හැකි පරිදි මෙම රොබෝ කාන්තාවන් නිර්මාණය කිරීම එම විද්‍යාඥ පිරිසගේ එකම සිහිනය බවට පත්ව තිබේ.
මව් කුස තැන්පත් කරන කලලය නිර්මාණය පිලිබදව අදහසක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති වුවද ඒ පිලිබදවද පරීක්ෂණ සිදකරන බව ඔවුන් සදහන් කර ඇත.
කෙසේ වුවද කෘතිම මව් කුසක් නිර්මාණය කිරීම මෙතෙක් ලොව සිදුකෙරෙන සොබාදහම ඉක්මවායෑමේ උපරිම ක්‍රියාවලිය බවත් එය සදාචාර විරෝධී කටයුත්තක් බවත් සමාජ විශ්ලේෂකයෝ අවධාරණය කරති.
සටහන – ලක්ෂ්මි වික්‍රමසිංහ