මිනුම්දෝරු දෙපාර්තමේන්තුව නවීන තාක්ෂණයේ නව දොරටුවක් ජනතාවට විවෘත කමින් මැනුම් සිතියම් ඔන්ලයින් ක්‍රමය යටතේ නිවසටම ගෙන්වා ගැනීමට පහසුකම් සලසා ඇති බව මැනුම්පති වයි ඥානතිලක මහතා ප්‍රකාශ කළේය.
හෙට (01) සිට මෙම පහසුකම අත්විදිය හැකි බවද ඔහු කීය.
පෙර පැවති ක්‍රමවේදය යටතේ මැනුම් සිතියම් ලබාගැනීමට අදාල කාර්්‍යාල වලට පැමිනීම අවශ්‍යව තිබුනද නව ක්‍රමවේදය යටතේ ජනතාවට වඩාත් පහසු සේවාවක් ලබා ගැනීමේ හැකියාව මේ අනුව හිමිවන බවද හෙතෙම පැවසීය.
එසේම ඉඩම් පද්ධතිවල ඇති සවිස්තරාත්මක තොරතුරු අන්තර්ජාලය හරහා දැක ගැනීමේ හැකියාව මහජනතාවට විවෘත කර ඇති බවද ඔහු කීය.
මිනින්දෝරු දෙපාර්තමේන්තුව සරල මාලිමා යන්ත්‍රයේ සිට චන්ද්‍රිකා තාක්ෂණය දක්වා පරිනාමය වී ඇති බවත් ඩිජිටල් සිතියම් ගත කිරීම, දුරස්ථ ග්‍රහණ ගෝචර භූ අවකාශ විශ්ලේෂණය ත්‍රිමාණ භූමි ආකෘති, වැනි අංශ වල ප්‍රමුඛයා
වී ඇති බවත් හෙතෙම පැවසීය.
මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ 225 වැනි ශත සංවත්සරය නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුවේ පැවැති මාධ්‍ය හමුවේදී මැනුම්පති වයි. ඥානතිලක මහතා මේ බව ප්‍රකාශ කළේය.