පෙණහලු පිළිකාව හ්‍රී ලංකාවේ කැපී පෙනෙන වර්ධනයක් ඇති රෝගයක් වුවද රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන්නේ සංකීර්ණ තත්ත්වයට පත්වූ පසුව බවත් එවැනි අවස්ථාවල සිදුකළ හැකි ප්‍රතිකාර සීමා සහිත බවත් වැලිසර ස්වසන රෝග පිලිබද ජාතික රෝහලේ උරස් කුහර ශල්‍ය විශෙෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා අවධාරණය කළේය.
මූලික අදියරේදී (early stage) පෙණහලු පිළිකාව හදුනාගතහොත් සම්පූර්ණ සුව කිරීමේ හැකියාව පැවතුනද බොහෝ රෝගීන් ඒ පිලිබදව අවධානය යොමු නොකරන බවද අප රටේ ජනතාව අතර පෙණහලු පිළිකාව පිලිබදව ඇති දැණුම අවම මට්ටමක පවතින බවද හෙතෙම පැවසීය.
පෙණහලු රෝගීන් සදහා වඩාත් ප්රතිපලදායී ප්‍රතිකාරය ශල්‍යකර්ම බවද මුල් අදියරේදී රෝගය අනාවරණය කරගෙන ප්‍රතිකාර සදහා යොමු වුවහොත් ඉහළ ප්‍රතිපල ලැබිය හැකි බවද පිළිකාව පවතින අදියර අනුව රෝගියාගේ ඉදිරි ආයු කාලය තීරණය කෙරෙන බවද ඔහු සදහන් කළේය.
කල් පවතින කැස්ස, කැස්ස සමග රුධිරය පිටවීම, හුස්ම ගැනීමේ අපහසුතාවය මෙන්ම හුස්ම ගැනීමේ ශබ්දය පිටවීම වැනි රෝග ලක්ෂන පෙණහලු පිළිකාවේ මූලික සංඥාවක් විය හැකි බවද මෙම රෝග ලක්ෂන සාමාන්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව පහව නොයන්නේ නම් ස්වසන රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන ලෙසත් වැලිසර ජාතික රෝහලේ
ස්වසන රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය එශාන්ත පෙරේරා මහතා අවධාරණය කළේය.
සක්‍රීය මෙන්ම අක්‍රීය දුම්පානය විෂ දුම් ආග්‍රහනය, සමහර කර්මාන්තශාලා වල නිස්පාදන ක්‍රියාවලියේදී පිටවන අහිතකර දුම් පෙණහලු පිළිකාව ඇතිවීමට බලපැවැත්වෙන ප්‍රධාන සාධක බවද ඔහු පැවසීය.
ලෝක පෙණහලු පිළිකා දිනය නිමිත්තෙන් කොළඔ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේදී ඔවුහු මේ බව පැවසූහ.
සටහන – ලක්ෂ්මි වික්‍රමසිංහ