නව අගවිනිසුරු දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ශේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද(27) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබිණි.

ඒ මෙරට 49 වෙනි අගවිනිසුරුවරයා ලෙසිණි. අගවිනිසුරු මුර්දු නිරූපමා ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාම යාමෙන් පසුව පුරප්පාඩුවූ අගවිනිසුරු පදවිය සදහා ප්‍රීති පද්මන් සූරසේන මහතා ගේ නම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරණු ලැබිණි.