අපේ රටේ ළමයි කූඹි වගේ සීනි කනවා

අප රටේ පෙර පාසල් දරුවන් නිර්දේශිත සීනි ප්‍රමානනයට වඩා සිව් ගුණයකින් සීනි පරිභෝජනය කරන බවත් ළමුන්ගෙන් 60% වැඩි ඉහළ ප්‍රතිශතයක් මෙම අහිතකර පුරුද්දට ඇබ්බැහි වී සිටින  බවත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය අවදාරණය කළාය.

පෙර පාසල් නිමාවී නිවසට පැමිනෙන කාල සීමාවේදී ළමුන් වැඩි පිරිසක් පිපාසයනිවා ගන්නේ පැණි  බීම පානය කිරීමෙන් බවත් එසේම සීනි බහුල ආහාර වර්ග ඔවුන්ගේ ප්‍රධාන ආහාර වේලක් ලෙස යොදා ගන්නා බව  සමීක්ෂණ වාර්තා මගින් අනාවරණය කරගත් බවත් ඇය සදහන් කළාය.

මේ වනවිට අපේ ළමා පරපුර අතරින් වැඩි පිරිස අහිතකර ජීවන රටාවන් වෙත අනුගත වෙමින් සිටින බවත් මානව චර්ය්‍යාවන් බිදවැටෙමින් පවතින බවත් එහි ආදීනව දීර්ඝ කාලීනව මෙන්ම කෙටි කාලීනවද අත්විදීමට සිදුවන බවත් මේවන විටද ළමයින් අතර බෝවන රෝග මෙන්ම බෝ නොවන රෝග වැලදීමේ ඉහළ ප්‍රවනතාවයක් දක්නට බවද ඇය පැවසුවාය.

ළමා සෞඛ්‍ය පරිහානිය  පිලිබදව මේ වනවිට සෞඛ්‍ය අංශ විවිධ පැතිකඩ ඔස්සේ අවධානය යොමුකර ඇති බවත් සමාජ සහ චර්යා්‍යාත්මක වෙනසක් තුලින් ළමා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩ සටහන ක්‍රියාවට නැංවීම එහි පියවරක් ලෙස ක්‍රියාත්මක කළ බවත් වෛද්‍ය ඉනෝකා වික්‍රමසංහ සදහන් කළාය.

එහිදී දරුවන්ගේ සනීපාරක්ෂක කටයුතු සදහා ඔවුන් පුරුදු කිරීම, පරිසරයට ආදරය කිරීම සහ කසල කළමනාකරණය, දිනකට එළවලු 2 ක් පලතුරු 2ක් සහ පලාවර්ගයක් ආහාර ලෙස ලබා ගැනීම, දිනකටපැයන්වත් කය වෙහෙසීම. පාලනයෙන් යුතුව නිල් තිර භාවිතය, ක්‍රමවත් නින්ද, කරුනාවන්ත ලෙස දරුවන්ට කතාකිරීම, දරුවන්ගේ ස්වාදීනත්වය යන ක්‍රියාවලීන් 8 සමග මෙම සෞඛ්‍ය වැඩ සටහන ක්‍රියාවට නැංවෙනබවද ඇය අවදාරණය කළාය.

පසුගියදා කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්ංහයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ පිලිබදව සදහන් කළාය.

සටහන – ලක්ෂ්මි වික්‍රමසිංහ