හරි මගට වැටුන මැලේරියා පාගමන

ශ්‍රී ලංකාවේ මැලේරියා රෝග අවධානම පිලිබදව  දැනුවත් කිරීම සදහා “say not to malariya” තේමා පාඨය යටතේ මැලේරියා මර්දන ව්‍යාපාරය සංවිධානය කෙරුණු පාගමනක් අද(25) සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙම පාගමන සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ සිට විහාරමහදේවි උද්‍යානය දක්වා ගමන් කළ අතර උද්‍යාන භූමියේ දී පැවැත්වුන විශේෂ වැඩ සටහන් මගින් රෝගව්‍යාප්තිය මෙන්ම පාලනය සහ එයින් ආරක්ෂාවීම රෝගය නැවත මෙම රට තුල ඇතිවීම වැලක්වීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිලිබදව මහජනතාව දැණුවත් කරනු ලැබිණි.

මැලේරියා අවධානම් සහිත  රටවල සංචාරය කර පැමිනෙන රෝග ආසාදිතයන් නිසා රෝගය පැතිරීමේ අවධානමක් ඇතිවී තිබෙන බවත් මෙම රෝග ආසාදිතයන් හදුනා ගැනීම ත්‍රස්තවාදීන් හදුනා ගැනීම තරම් අපහසු කටයුත්තක් බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාතංශයේ ලේකම්වරයා සදහන් කළේය

මැලේරියාව ශ්‍රී ලංකාවේ විශාල ජන සංහාරයක් සිදුකළ රෝගයක් බවත් එය මැඩපැවැත්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යශය සිදුකළ මැදිහත්වීම පිලිබදවද හෙතෙම සදහන්  කළේය.

ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් වුවද මැලේරියාව අවධානම් සහිත රටවල  සංචාරය කර මෙරටට පැමිනෙන ආසාදිතයන්ගෙන් රෝගය පැතිරීමේ අවධානම  පවතින බවත් මේ වනවිට රෝගී රටවල සංචාරය කිරීමට පෙර  අදාල ඖෂධ මෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත් මෙම සියලු සේවාවන් සෞඛ්‍ය අමාත්‍යශය මගින් නොමිලේ ලබා දෙන බවත් මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා සදහන් කළේය.

අදට යෙදී ඇති ලෝක මැලේරියා දිනය මෙන්ම  මැලේරියාව මෙරටින් තුරන් කර 12 වසරක් පිරීම ද මෙම පා ගමන සංවිධානය කිරීමේ  අනෙකුත් අරමුණු අතරට එක්විය.