මහ සිකුරාදා දිනය අදයි.

කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සිහිපත් කරන මහ සිකුරාදා දිනය අදයි(18)

ලෝකවාසී ජනතාව පාපයෙන් ගලවා ගැනීම සදහා  ක්‍රිස්තුත් වහන්සේ කුරුසිය මත දිවි පිදූ දිනය සිහිකිරීම සදහා මහ සිකුරාදා කිතුනු භක්තිකයන් විශේෂ ආගමික නිවාඩු දිනයක් ලෙස ‍හදුන්වයි.

යේසු ක්‍රිස්තූන් පොළව මත සිය මෙහෙවර අවසන් කළ දිනය ලෙසද මහ සිකුරාදා දිනය හදුන්වයි.

ලොව පුරා බොහෝ කිතුනු භක්තිකයන් නිරාහරව සිටීම මස් මාංශයෙන් වැළකී සිටීම ආදී වතාවත්වල නිරත වන   අතර සමහර රටවල වයස අවු 14 වැඩි අය මස් මාංශයෙන් සම්පූර්ණ වැලකීමටත් ප්‍රධාන එක් ආහර වේලක් සහ කුඩා ආහාර වේල් 2ක්  පමනක් ලබාගැනීමටත් කටයුතු කරති.

අද දිනය කළු සිකුරාදා, පාස්කු සිකුරාදා ලෙසද හදුන්වයි.