සිංගප්පූරු පාර්ලිමේන්තුව එරට ජනාධිපති තර්මන් ශන්මුගරත්නම් විසින් විසුරුවා හැර තිබේ.
ඒ මැයි මස 03 දා පැවැත්වීමට නියමිත මහමැතිවරණය සදහා අගමැති ලෝරන්ස් වොන්ගේ උපදේස් වලට අනුවයි.
“ලෝකයේ ගැඹුරු වෙනස්කම් අපි දකිනවා එය වඩ වඩා අවිනිශ්චිත නොසන්සුන් සහ අස්ථාවර වෙමින් පවතිනවා .පසුගිය දශක කිහිපය තුල සිංගප්පූරුවේ සාර්ථකත්වයට හේතුවූ ගෝලීය තත්ත්වය තවදුරටත් නොපවතිනු ඇත.ඒ නිසා තමවි මෙම මහ මැතිවරණය කැදෙව්වේ” යැයි අගමැති ලෝරන්ස් වොන් මහතා පවසා ඇත.