දියවැඩියාව පලවා හරිමු‍

ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගත් පරිදි  මේ වනවිට ලොව පුරා ජීවත් වන දියවැඩියා රෝගීන් සංඛ්‍යාව මිලියන 463 පමණ වෙති. එහෙත් වඩා අවධානම ඇත්තේ මිලියන ගනනක්වූ එම රෝගීන් අතර නොව රෝගීන් වුවද ඒ බව නොදැන නිරෝගී අය මෙන් ජීවිත ගතකරන පිරිස වෙතය.එය මේ වනවිට ලොව පුරා දක්නට ලැබෙන දරුණු ඛේදවාචකයක්  බවට පත්වෙමින් තිබේ.

කොරෝනා වසංගතය සමග මිනිස් සමාජ වෙත එල්ල වූ මානව සහ ආර්ථික බිදවැටීම් අති  විශාලය.එහි ප්‍රථිපලයක් ලෙස අද ලොව පුරා  බොහෝ  පිරිසක් විවිධ මානසික පීඩාවන්ට ගොදුරු වී සිටින බව  සෞඛ්‍ය නිදර්ශන අනුව පැහැදිලි වෙයි.මානසික සෞඛ්‍ය පිරිහීම සහ බෝනොවන රෝග ඇතිවීම කෙරේ ඝෘජු සබදතාවක් පවතී . ඒ අතරින් දියවැඩියාව හිමිවන්නේ පළමු තැනයි.

කෙසේ වුවද ඉදිරි කාල පරිච්ඡේදය දියවැඩියාව මානව වර්ගයා  වෙත එල්ලවන දරුණු ප්‍රහාරයක් වීමේ  අවධානමට අපට මුහුණ දීමට සිදුව ඇත.එහි දරුණු ස්වභාවය පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත්තේ 2045 වර්ෂය වනවිට ලොව පුරා මිලියන 700ක් ජනතාව  දියවැඩියා රෝගයේ ගොදුරු බවට පත්වීමේ අවාසනාවන්ත තතත්ත්වයක් දක්නට ලැබෙන බවයි.

එසේම දියවැඩියාවේ   අදිිිිිිසි හස්තය දිගුවී ඇත්තේ  මධ්‍ය ආධායම් ලබන රට වලට මෙන්ම පහළ ආධායම් ලබන රටවලට වීමද රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට ඇති දුෂ්කරතා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හදුන්වා ඇත.ඒ අතරින් දකුණු ආසියාව ද අවධානම අධික රටවල් අතරට ගැනෙයි.

ශ්‍රී ලංකාවද වේගයෙන් දියවැඩියාවේ ගොදුරු බවට පත්වීමේ අවධානම් සහිත රටක් ලෙස නම් කර ඇත.මෑත දශක 2ක පමණ කාලයේ සිට සිදුවූ ශ්‍රී ලාංකික ආහාර රටාවේ  වේගවත් වෙනස්වීම මේ සදහා ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා සදහන් කරයි..

පහළ ආධායම් මට්ටම සමග ආහාර රටාවේ වෙනස්කම් විශේෂයෙන්ම පිෂ්ඨය අධික සීනි අධික ආහාර භාවිතයට නැඹුරුවීම,ව්‍යයාම මදවීම,තරබාරුව,පහළ සාක්ෂරතාවය සමග අත්වැල් බැදගත්  සෞඛ්‍ය දැණුවත්භාවයේ දුර්වලතා,මානසික ආතතිය වැනි හේතු ප්‍රධාන වීමෙන් මෙම කළාප අතර රෝගය ශීඝ්‍රෙයන් පැතිරී යන බව හදුනාගෙන ඇත.

එසේ වුවද දියවැඩියාව යනු අප බියවිය යුතු එසේම අපේ පාලනයෙන් දුරස්වූ රෝගයක් නොවේ. මේවනවිට දියවැඩියා රෝගයට ගොදුරු වූ අයෙකුට වුවද එය මනාලෙස පාලනය කිරීමෙන් සාමාන්‍ය අයෙකු ලෙස ජීවිතය ගතකිරීමේ හැකියාව ඇත .

මේ පිළිබදව වෛද්‍ය රවී ජයවර්ධන මහතාගේ  මතය වී ඇත්තේ ක්‍රමවත් ජීවන රටාවකට යොමුවීමත් ඒ සදහා නිසි ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් වෙත යොමුවීමෙන් රෝගය පාලනය කර සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමේ කිරීමේ හැකියාව පවතින බවයි.

දියවැඩියාව පිළිබදව කුමන නිර්නායක ඉදිරිපත් වුවද වඩාත් වැදගත්ම කරුණ වන්නේ රෝග නිවාරණයයි එනම් රෝගය සදහා මූලික වන අවධානම් සාධක හදුනාගෙන එයින් ඈත්වීම සදහා කටයුතු කිරීමයි එසේම රෝගයට ගොදුරුවූ අයෙක් වුවද ඖෂධ භාවිතයට පමණක් සීමා නොවී වෛද්‍ය උපදේශ මෙන්ම එදිනදා ඇවතුම් පැවතුම් නිසි පරිදි පවත්වා ගැනීමෙන් දියවැඩියාව නිසා ඇතිවන අකල් මරණ මෙන්ම ඒ හා බැදුනු සංකූලතා රෝග වලක්වා ගතහැකි බව කායික රෝග විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා අවදාරණය කරයි.