ශ්‍රී ලංකාවේ රෝහල් වෙත පැමිනෙන බහුතර පිරිස ශ්වසන ආබාධිතයන් බවත් අනිකුත් රෝගීන් අතරින් ද වැඩි ප්‍රතිශතයකට ශ්වසන ආබාධ පවතින බවත් ශ්වසන රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා අවදාරණය කළේය.
එසේම ශ්වසන රෝගීන් බහුලව හමුවන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරි පෙළේ සිටින බවත් දර සහ ස්වාභාවික ඉන්ධන දහනයේදී ඇතිවන දුම ආග්‍රහනය කිරීම අපරටේ ශ්වසන ආබාධ ඉහළයාම සදහා හේතු වන බවත් ඔහු පෙන්වා දුන්නේය..
ලොව ඇදුම රෝගීන් ඉහළ ප්‍රතිශතයක් වාර්තා වන රටවල් අතරට ද ශ්‍රිී ලංකාවද අයත් වන බවත් ඒ අතර ඇදුම නිසා සිදුවන මරණ ඉහළම රටවල් දහය අතර අප ද සිටිනා බවත් හෙතෙම පැවසීය.
නිසි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුනොවීම ,වෛද්‍ය නිරිදේශය අනුව ප්‍රතිකාර ලබා නොගැනීම, නොදැනුවත් බව වැනි හේතුන් නිසා ශ්වසන ආබාධිතයන්ගේ රෝගය උත්සන්න වීම හෝ මිය යාම සිදුවන බවත් හදුනාගත් රෝගීන් අතරින් ද 70% පිරිස නියමිත පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගන්නා බවද විශ්ශේෂඥ වෛද්‍ය නිරන්ජන් දිසානායක මහතා කීය.
ශ්වසන ආබාධ අතර ක්ෂය රෝගය පෙනහළු පිළිකා, COPD (කාලීන පුප්පුශීය අවහිරතා රෝගය) හතිය වැනි රෝග ශ්‍රී ලංකවේ සැලකිය යුතු ව්‍යාප්තියක් පවතින බවත් ඔහු කිය.
අද(07) කොළඹ වෛද්‍ය සංගම් ශාලාවේදී පැවති මාධ්‍ය වැඩ සටහනකට එක් වෙමින් පෙනහළු රෝග විශේෂඥ නිරංජන් දිසානායක මහතා මේ බව සදහන් කළේය.
රටවල් හතක ශ්වසන රෝග විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මාසයේ පැවැත්වෙන ශ්වසන රෝග විද්වත් සමුළුව පිලිබද මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් මෙම වැඩ සටහන සංවිධානය කර තිබිණී.

