ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සදහා මූලික වූ උදුවප් පොහොය අදට(14) යෙදී ඇත.
ශික්ෂුණී ශාසනය ආරම්භය, ශ්රී ලාංකික කාන්තාවන්ට පැවිද්ද ලබාදීමේ මෙහෙවර වෙනුවෙන් සංඝමිත්තා තෙරණින් වහන්සේගේ වැඩමවීම, ශ්රී මහ බෝධීන් වහන්සේගේ වැඩමවීම ආදී ශාසනික වටිනාකම් රැසක් සිදුවූ උදුවප් පොහොය ශ්රී ලාංකික බෞද්ධ ජනතාව මහත් භක්තියෙන් සමරනු ලබති.
එසේම වසරේ අවසන් පොහොය පොහොය දිනය මෙන්ම ශ්රී පාද වන්දනා සමය ආරම්භය ද අද දින සනිටුහන් කෙරේ.