පොල් මිල කරටියටම නගියි, අධිකාරියත් වෙනතක් බලයි.

ඉහළ ගොස් ඇති පොල් මිලට විසදුමක් වශයෙන් වෙළද පොළේ ඇති පිටිකල පොල් හෝ දියර පොල්කිරි භාවිතයට ගන්නා ලෙස පොල් සංවර්ධන අදිකාරිය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලයි.

සමස්ත පොල් පරිභෝජනයෙන් 60% ප්‍රමාණයක් ගෘහස්ථ අවශ්‍යතාවය සදහා යොදාගන්නා බවත් ඇසුරුම් කළ පොල් කිරි හෝ පිටිකළ පොල් කිරි භාවිතයෙන් මෙම ගටලුව යම්තාක් දුරට විසදා ගත හැකි බවත් පොල් සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

 මේ වනවිට වෙළද පොළේ පොල් ගෙඩියක මිල රුපියල් 160 – 180 වැනි ඉහළ අගයකට අළෙවි වන බව දක්නට ඇත.