ඇල්පිටිය රතු වෙයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2024 පළාත් පාලන මැතිවරණයෙන් ආසන 17න්  15 ක් ජයග්‍රහනය කරමින් එහි බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගයට  හැකියාව ලැබිණි.

එහිදී කුඩාගල, තිබ්බොටුවාව, පිනිකහන, කදිරන්දොල, ඇල්ල, අම්බනකහදූව, ඉදිපල්ලේගොඩ. වල්ලඔගල, කැටන්දොල, බටුවන්හේන, තලාව, නවදගල, අමුගොඩ, මැටිවිලිය, ඕමන්ත, ඇල්පිටිය, යන  ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වල ජය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගයට හැකිවිණි.

ඔවුන් හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව 17.295කි.

එහිදී අවිත්තාව සහ පිටුවල යන ප්‍රාදේශීය බල ප්‍රදේශ තුල බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය කණ්ඩායමට හැකිවූ අතර ඔවුන් ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 7924කි.

සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 3594 ක් ලබාගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තෙවන තැන හිමිකර ගත්  ඔවුන්ට ඔවුන්ට ප්‍රාදේශීය කොට්ඨාශ කිසිවක බලය හිමිකර ගැනීමට හැකියාව නොලැබිණ.

එහිදී පොදුජන එක්සත් නිදහස් සංධානය ට සමස්ත ඡන්ද 2612 ක් හිමි කර ගැනිණි.

පස්වන ස්ථානය හිමිකරගත් ස්වාධීන කණ්ඩායම ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යෘව 2568 කි.

ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමෙන් ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධූර 15 ක්ද සමගි ජන බලවේගයට මන්ත්‍රීධූර 06ක්ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රී ධූර 03ක් ද  පොදුජන එක්සත් පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායමට මන්ත්‍රීධූර 2ක බැගින්ද පොදුජන එක්සත් නිදහස් සංධානයට සහ ජාතික ජනතා පක්ෂ්‍යට එක් මන්ත්‍රීධූරය බැගින් හිමිවිණි.